Author: Kesara Athipola

ලෝක මස්තිෂ්ක දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ “ආඝාතය වළක්වා ගැනීම” යන්නයි. මොළයට රුධිරය සපයන්නා වූ රුධිරවාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය නැමති තත්ත්වය ඇති වනවා. මෙරට සෑම පුද්ගලයින් 04 දෙනෙකුගෙන් එක් අයෙකුට ආඝාත රෝගී තත්ත්වය වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ.

තව කියවන්​න

තිස්සමහාරාම කාවන්තිස්ස පුර ප්‍රදේශයේ ගල්වළක ගිලීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ වන විට මවගේ සිරුර සොයාගෙන ඇති අතර දරුවන් දෙදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් කටයුතු සිදුකරන බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි මවක් සහ 14 සහ 9 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙක්. ඊයේ පස්වරුවේ මව සහ දරුවන් දෙදෙනා මෙම ගල්වළේ දිය නෑමට ගොස් මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධික උෂ්ණත්වය හේතුවෙන් මිලියන 30 ක ජනතාවකට සෞඛ්‍ය අවදානමක් හටගෙන තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගරවලට ඉදිරි දින කිහිපයේදී අධික උෂ්ණත්වයක් ඇතිවිය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවයි මේ වනවිටත් සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයක් කැලිෆෝනියා, ඇරිසෝනා, නෙවාඩා, ඔරිගන් සහ වොෂින්ටන් ආදී ප්‍රදේශවල පවතිනවා.

තව කියවන්​න

විදෙස් රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරියෙකු හා යාපනයේ කාන්තාවක්. මුදල් ලබා ගැනීමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් ගත වුවද රැකියා නොලැබීම හේතුවෙන් ඔවුන් ඒ පිළිබදව යාපනය පොලීසියට පැමිණිලි කර තිබුනා. පුද්ගලයින් 23 දෙනෙකු පමණ අදාළ කාන්තාවට මුදල් ලබා දී තිබුනද පැමිණිලි කර ඇත්තේ හය දෙනෙකු පමණයි. සැකකරුවන් දෙදෙනාම යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබුණා.

තව කියවන්​න

මැලේසියාවේ 17 වන රජු ලෙස සුල්තාන් ඊබ්‍රහිම් ප්‍රතිඥා දී තිබෙනවා. මැලේසියාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ රාජාණ්ඩු ක්‍රමයක් යටතේයි. ඔවුන් වසර 05 ක කාලයක් සදහා නව රජෙකු පත්කර ගැනීම සිදු කරනු ලබනවා. සිය රාජාභිෂේකයෙන් පසු සුල්තාන් ඊබ්‍රහීම් රජු සදහන් කර සිටියේ තම ධූර කාලය තුලදී සාධාරණ පාලනයක් සිදු කිරීමට බැදී සිටින බවයි.

තව කියවන්​න

මිද්දෙනිය ,ජුලම්පිටිය ,06 කනුව ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යුවලකටයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. මෙහිදී යතුරු පැදිය පැදවූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා තිබුණා. යතුරු පැදිය පෙරලි යාමෙන් එහි ගමන් කල කාන්තාව තුවලා ලබා මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම අඹුසැමි යුවලේ පිරිමි පුද්ගලයා 42 වන වියේ පසුවන අතර කාන්තාවගේ වයස අවුරුදු 40 ක්.

තව කියවන්​න

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ඇමරිකානු වත්මන් ජනාපති ජෝ බයිඩන් පවසනවා . ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් නම් කරන බවයි ජෝ බයිඩන් සදහන් කළේ. ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමින්. 81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති ධූරය සදහා පත්වූ වයස්ගතම පුද්ගලයා වනවා. ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්,නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජය ගත හොත් එරට ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇති.

තව කියවන්​න

සිව්වැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ,තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් මාර්වල්ස් කණ්ඩායම පරදා කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. 2020 හා 2021 අදියරවලදී ද ජැෆ්නා කණ්ඩායම එල් පී එල් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ගාලු කණ්ඩායම පරාජයට පත් කරමිනුයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගාලු කණ්ඩායමට ලබා දුන්නා, ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 184 ක්. ටීම් සයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස්…

තව කියවන්​න