Author: Kesara Athipola

විදේශ සංචාර සදහා තමාට වියදම් වූ මුදල් පිළිබද වාර්තාවක් නුදුරේදීම එළිදක්වන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ පැවතී උත්සවයකට එක් වෙමින්.

තව කියවන්​න

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව රටක් ලෙස ඉදිරියට යා නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ජපානයේදී පැවති ජන හමුවකට එක්වෙමින්. මේ අතර ජපානයේ සංචාරයේ නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය යොශිෆුමි මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ, එම අමාත්‍යංශයේ දීයි. එහි දී මෙරට තුල පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ

තව කියවන්​න

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය හෙට දින මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය හෙට දින රාත්‍රියේ සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කර තැබීමට නියමිතයි. රාත්‍රී 11.00 සිට මහජනතාව සඳහා එම පරිශ්‍රය විවෘත්ත වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කලේ. මෙය ලබන 25 වනදා අලුයම 12.50 ට ආරම්භ වී අලුයම 02.10 වන තෙක් දර්ශනය වනු ඇති.

තව කියවන්​න

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට පළමු අදියරේ දී අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සදහා යළි කැඳවූ අයැදුම්පත් පිළිබද සංගණන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඉදිරිපත්ව ඇති අයදුම්පත්‍ර ප්‍රමාණය හාර ලක්ෂ පනස් හතර දහස් නමසිය විසි හතරක්. නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සදහන් කලේ. සංගණනය වෙනුවෙන් සෑම අයදුම්පතකම තොරතුරු රැස්කිරීම මෘදුකාංගයක් හරහා සිදුකරනු ලබනවා. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම සංගණන නිලධාරීන් පත්කර ඇති බවයි. එම නිලධාරීන් නිවෙස් වෙත ගොස් පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව අදාළ තොරතුරු සමාජ ආරක්ෂණ ලේඛනයට…

තව කියවන්​න

පත්වීම් දහසය දහසක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් දීමට රජයට හැකිවූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අදාළ පත්වීම් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ලබා දුන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව පැවසුවේිස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්. මේ අතර පාසල් තුල ගුරු – විදුහල්පති වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තම පුර්ණ සහය ලබා දෙන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී සදහන් කළා. එමෙන්ම 2025 වර්ශයට අදාල පාසල් පෙලපොත් ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම අද දිනයේ සිට…

තව කියවන්​න