Author: Kesara Athipola

2030 වසරේ සිට කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන රටවල් සංඛ්‍යාව ඉහළ නැංවීමට අයි සී සී ය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා. එම අනුමැතිය ලබා දී ඇත්තේ ඊයේ කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුවේ දීයි. මේ අතර, 2026 වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් කණ්ඩායම් සිය ස්ථාන වෙන් කර ගන්නා ආකාරය ද මෙම සමුළුවේදී ප්‍රකාශ කර තිබෙනවා . ඒ අනුව අප්‍රිකානු කලාපයෙන් හා යුරෝපා කලාපයෙන් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකානු කලාපයෙන් එක් රටක් ද, ආසියා හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාප ඒකාබද්ධව රටවල් 3…

තව කියවන්​න

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස් වුණා. සිවිල් නඩු විධාන සංග්‍රහය සශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත යටතේ, නියෝග ද්විත්වයක් අද දිනයේ විවාදයට ගනු ලබනවා. මේ අතර කෘත්‍රීම බුද්ධිය භාවිතා කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් හෙට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ .

තව කියවන්​න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 50 ත් 55 ත් අතර තද සුළං ඇතිවිය හැකියි . දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පැයට කිලෝ මීටර 30ත් 40ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ඛාන් යූනිස් ප්‍රදේශයට සිදු කල යුද ටැංකි ප්‍රහාරයෙන් පුද්ගලයින් 70ක් මිය ගොස් තිබෙනවා . එම ප්‍රදේශයට ඊශ්‍රායලය ගුවනින් බෝම්බ හෙලූ බවයි පලස්තීනය සදහන් කළේ. මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 200 දෙනෙකු තුවාල ලබා ඇති බව ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. මේ පිලිබදව ඊශ්‍රායල හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නැගෙනහිර ඛාන් යූනිස් ප්‍රදේශයෙන් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල කරන බවටත් හමාස් සංවිධානය යළි එක්වීමට උත්සාහ කරන බවටත් වන බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය සිදු කල බවයි.

තව කියවන්​න

ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට එක් වෙමින්. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පස්වරුවේ රැස්වූනා. අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් එය අනිවාර්යෙන්ම පවත්වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ. ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

තව කියවන්​න

ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියට අදාළ තරග පසුගිය සති අන්තයේ දී පැවැත්වුණා. ඉන් පළමු තරගය පැවැත්වුනේ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතරයි බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම තරගය ලකුණු 62 කට 08 ක් ලෙස ජය ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වුණා. තරගාවලියේ හයවන සතියේ දෙවන තරගය කොළඹ රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පවත්වනු ලැබුවා. ඒ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි. මෙහිදී ලකුණු 28 ට 19 ක් ලෙස තරගය ජය ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලීය කණ්ඩායමයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තුන්වන තරගය පැවැත්වුණා මෙම තරගය පැවැත්වුනේ මහනුවර ,පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදීයි මෙහිදී ත්‍රිත්ව…

තව කියවන්​න

මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා. රජය තීරණය කර ඇත්තේ වර්තමාන මුදල් අගය මත පදනම්ව එම පනත සංශෝධනය කිරීමටයි. ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබෙනවා. ඡන්ද විමසීමක දී අයුතු බලපෑම් සිදුකිරීමක් සම්බන්ධයෙන් වන වරදකට පැවති රුපියල් 500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට ද යෝජනා කර ඇති බව සදහන් . එමෙන්ම ඡන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීමේ වරදට පැවති රුපියල් 300ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ…

තව කියවන්​න