Author: Kesara Athipola

මැතිවරණ කොමිෂන් සභා රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. අදාළ රැස්වීම හෙට පෙරවරුවේ පැවැත්වෙනු ඇති . ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ එය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතයි. රැස්වීමෙන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති. මෙම සතිය නිමා වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ද වාර්තාවනවා. මේ අතර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ විශේෂ වෙනසක් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

තව කියවන්​න

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සහ ප්‍රතිශක්තිකරණය වැඩපිළිවෙළ වැඩිදියුණු කිරිම අරමුණු කර ගනිමින් ජපන් රජය සහ Gavi CDS ව්‍යාපෘතිය විසින් UNICEF සංවිධානයේ සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 383 කට අධික වටිනාකමකින් යුත් නවීන අධිශීතකරණ පහසුකම්වලින් සමන්විත ලොරි රථ 10 ක් සහ කැබ් රථ 21 ක් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාරදීම අද (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙම පරිත්‍යාගයන් නිල වශයෙන් බාරදෙන ලද්දේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති Mizukoshi Hideaki මහතා සහ මෙරට වැඩබලන UNICEF නියෝජිත Begona Arellano මහත්මිය විසිනි. ජපන් රජය විසින් මෙම ප්‍රදානය යටතේ මෙරට ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් එන්නත්…

තව කියවන්​න

නව අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයට අයඳුම්පත් යොමුකිරීමට මෙම මස (ජුලී) 31 වනදා දක්වා සිසුන්ට අවස්ථාව ලබාදී තිබෙන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා පැවසීය. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් උපකුලපතිවරයා මේ බව පැවසීය.

තව කියවන්​න

රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් විශේෂ සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව සුදුසුකම් සම්පුර්ණ කරන සියලු දෙනා ගුරු සේවයට එක් කර ගැනීමට රජය කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවයි . ගුරු සේවයට එක් කර ගන්නා ලෙස ඉල්ලා මේ වනවිටත් ගුරුවරුන් ලෙස සේවය කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් සම්බන්ධයෙන් සමථයක් ඇති කර ගැනීම සඳහා මෙම දැනුම්දීම සිදු කර තිබුනා.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ . එම නිවේදනයේ දැක්වෙන්නේ අරබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව මේ පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි .

තව කියවන්​න