Author: Kesara Athipola

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද පැවැත්වෙනවා . රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද පස්වරු 07.00 ටයි. සමස්ත තරගාවලියේ 12 වන තරගය වන මෙම තරගය ශ්‍රී ලංකා සහ තායිලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගාවලියට අදාලව මිට පෙර බංගලාදේශ සහ මැලේසියානු කණ්ඩායම් සමග පැවතී තරග ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ජය ගත්තා. මේ අතර සමස්ත තරගාවලියේ 11 වන තරගය අද බංගලාදේශ සහ මැලේසියානු කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 02.00 ටයි.

තව කියවන්​න

රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එම මුදල වංචාව පිරමීඩ ජාවාරමක් හරහා සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමක් පිලිබදව පැමිණි රැසක් ලැබී තිබුනා . ඒ අනුව සිදු කල විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම ජවාරමට පුද්ගලයන් 5,500ක් පමණ හසුවී ඇති බවයි. මෙම ජාවාරම මගින් රුපියල් කෝටි 350ක පමණ මුදලක් උපයාගත් බව ප්‍රශ්න කිරීම් වලදී සැකකරුවන් ප්‍රකාශ කළා. ඉන් රුපියල් කෝටි 50ක පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස පාරිභෝගිකයන්ට ලබාදුන් බවයි සැකකරුවන් සදහන් කලේ .

තව කියවන්​න

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා . එය නැරඹීමට ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය අද දින රාත්‍රියේ සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කර තැබීමට නියමිතයි. රාත්‍රී 11.00 සිට මහජනතාව සඳහා එම පරිශ්‍රය විවෘත්ත වන බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කලේ. මෙය හෙට අලුයම 12.50 ට ආරම්භ වී අලුයම 02.10 වන තෙක් දර්ශනය වනු ඇති .

තව කියවන්​න

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත කෙරුණා. පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කරනු ලැබුවේ එය දෙවන වන කියවීමේ විවාදයෙන් අනතුරුව පැවති කාරකසභා අවස්ථාවේදීයි. අදාල පනත් කෙටුම්පත බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම වසරේ මැයි මස 13 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

තව කියවන්​න

රජයේ සෞඛ්‍ය ආයතන සදහා නිලධාරින් පත් කිරීමේදී ස්ථිර තනතුරු පත් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා . එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කිසිදු පාර්ශවයකට අවශ්‍ය පරිදි නොව නියමිත ක්‍රමයට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කල යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසනවා . එහි සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා පැවසුවේ ඇතැම් අවස්තා වලදී සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලබන ක්‍රියා මාර්ග ගැටළු සහගත බවයි.

තව කියවන්​න