Author: Kesara Athipola

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශ වලදීයි . එම සැකකරුවන්ව බස්නාහිර පළාත් දකුණ අපාරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.

තව කියවන්​න

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා . ඒ අනුව රුපියල් 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇති බවයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කලේ .

තව කියවන්​න

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසුව තමා ටෙනිස් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව බි්‍රතාන්‍ය ක්‍රීඩක ඇන්ඩි මරේ පවසනවා. 37 හැවිරිදි ඔහු මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී කේවල හා යුගල තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි . ඔහු මෙවර ක්‍රීඩා කරන්නේ සිය පස්වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. 2012 හා 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඔහු ටෙනිස් පිරිමි කේවල රන් පදක්කම ද දිනා ගත්තා.

තව කියවන්​න

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා . අදාළ නිවේදනය අද අලුයම 3ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා බලාතමකයි. පවතින නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුද ඉතා රළු ස්වභාවයක් ගනු ඇති . ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එම ප්‍රදේශ වලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

තව කියවන්​න

බංගලාදේශයේ ප්‍රචණ්ඩත්වය ඇතිවීම පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම් සිටින බවට එරට අගමැති ෂීක් හසීනා චෝදනා කරනවා. ඇය වැඩිදුරටත් පවසන්නේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා බලහත්කාරයෙන් තමාට ඇඳිරි නීතිය ද පැනවීමට සිදු වූ බවයි. බංග්ලාදේශය පුරා සති ගණනක් විරෝධතා පැවැත්වුණේ 1971 දී එරට නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ අයගේ පවුල් වල සාමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලමින්. පසුව එය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත්වුණා. මේ හේතුවෙන් බංග්ලාදේශ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්වුණා. විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 150කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා . මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන…

තව කියවන්​න

ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේයි. මෙතෙක් මෙරට කිසිඳු අවස්ථාවක පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුයේ නැහැ . ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දිවයිනම ආවරණය වන පරිදි මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජනාධිපති අරමුදලෙන් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්නයි.

තව කියවන්​න