- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Kesara Athipola
මැතිවරණ කොමිසම අද රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. මෙම සති අන්තයට පෙර ජනාධිපතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා සදහන් කළා. මේ අතර විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් මෙතෙක් සකස් කර නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළා.
බටහිර අප්‍රිකානු මුහුදේදී බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා . සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ 150කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි. මෙම බෝට්ටුවේ මගීන් 300ක් පමණ ගමන් කර ඇති බව අනාවරණය වුණා. මොරිටේනියානු වෙරළාරක්ෂක බලකාය විසින් පුද්ගලයින් 120 දෙනෙකු පමණ මුදාගෙන ඇති අතර, අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් දියත් කර තිබෙනවා .
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 81ක්. ඔහු ජනාධිපතිවරණ කිහිපයකටම අපේක්ෂකයෙක් වශයෙන්ද ඉදිරිපත් වී තිබුනා.
ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග හෙට පැවැත්වෙනවා . පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ බංගලාදේශ සහ ඉන්දීය කාන්තා කණඩායම් අතරයි. එම තරගය හෙට පස්වරු 02 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර දෙවන අවසන් පුර්ව තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 07.00 ටයි මෙම තරගය දෙකෙන් ජය ලබා ගන්නා කණ්ඩායම් අතර ලබන 28 වනදා අවසන් මහා තරගය පැවැත්වෙනවා
නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවයි . දීවයින තුල හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 30 ත් -40 ත් අතර අගයක් ගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්ව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222