- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Kesara Athipola
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිර යන චන්දිපුර’ නමි වෛරසයක් හේතුවෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ මියගිය 36 දෙනා අතර කුඩා දරුවන් 15 දෙනෙකු ද සිටින බවයි. චන්දිපුර’ යනුවෙන් හඳුන්වන්නේ වැලි මැස්සන් සහ කිනිතුල්ලන් මගින් ව්‍යාප්ත වන වෛරස උණ වැනි රෝගී තත්ත්වයක් . මෙම වෛරසය ආසාදිත පළමු රෝගියා ඉන්දියාවෙන් හමුව ඇත්තේ 1965 වසරේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චන්දිපුර නමැති ප්‍රදේශයෙන් බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කලේ .
ඉන්දියාව ස්මාර්ට් ජංගම දුරකථන සහ උපාංගවල ආනයන බදු සියයට 20 සිට සියයට 15 ක් දක්වා පහත දැමීමට තීරණය කර තිබෙනවා. මෙම පියවර ගෙන ඇත්තේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජය ඉදිරිපත් කළ මංගල අයවැය මගින් . අමෙරිකානු ඇපල් ජංගම දුරකථන අලෙවිය එරට තුල ඉහළයාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පක්ෂයෙන් බාහිර අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ නම් ගොඩනගන ආණ්ඩුවේ අගමැති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබිය යුතු බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් . හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් රැස්වී ඉදිරි දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිවරණයට පවතින සූදානම පිළිබඳ සාකච්ඡා කර තිබුණා එම රැස්වීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් එක්ව සිටියා.
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා. මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිතයි.
වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනිමට නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. යල හා මහ කන්න ආශ්‍රිතව වෙල් ඉපනැල්ලේ මුං ඇට වගාකර මෙටි්‍රක් ටොන් 18 828ක අස්වැන්නක් ලබා ගැනීම සදහා වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සදහා ජපාන රජය අරමුදල් නිකුත් කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නිල ණය හිමියන්ගේ කමිටුව සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වීමෙන් පසුවයි ජපාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව අදාළ ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කළ හැකි බවයි විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ. මේ අතර මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් සදහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම ශිෂ්‍යන්තව වැඩසටහන සදහා පමණක් ජනාධිපති අරමුදල මගින් වසරකට රුපියල් මිලියන 300කට ආසන්න මුදලක් වෙන්කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222