- ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්වරුන්ගේ හමුවක්
- සුප්‍රසිද්ධ සූපවේදිනිය මියයයි
- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
- අර්චුනාගේ පහර කෑමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙක් රෝහලට
- නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
- රිය අනතුරකින් තිදරු මවක් මරුට
- වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ සහල් තොගයක් සොයා ගැනේ
- ට්‍රම්ප්ගේ යෝජනාවට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර
Author: Kesara Athipola
සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම වසර දෙකක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය. සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් පසුගියදා (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතියේ වරාය නගරය සහ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට අන්ත දෙකක් ඔස්සේ සිදුකරගෙන පැවැති ඉදිකිරීම් එකිනෙක යා කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය. ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදිකෙරෙන මෙම වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ගය නිම වීමත් සමග සමාජ, ආර්ථික ප්‍රතිලාභ රැසක් රටට අත්වේ. මෙරට විශේෂ සංචාරයකට එක්ව සිටින වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ (CCECC) සභාපති ලියු වෙයිමින් (Liu Weimin) මහතාද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි විය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ…
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 1 සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) සිදු විය. මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පතිනී ආචාර්ය සුමේධා ජයවීර මහත්මිය ගුරු මණ්ඩලය සහ විද්‍යාලීය සිසු දැරිවියන් එක් විය.
“Elevating Colombo connectivity to prosperity ” යන තේමාව ඔස්සේ කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ තාක්ෂණික සමුළුව සඳහා ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ක්‍රියාත්මක වූ අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය මෙරට සමාජයේ ආර්ථික සංවර්ධනය උදෙසා වැදගත් වන ආකාරය පිළිබඳව මෙන්ම ව්‍යාපෘතිය උදෙසා භාවිතා කළ අති නවීන තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කළ චීන සිවිල් ඉංජිනේරු…
1963 ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය – Sri Lanka Pharmaceutical Manufacturers’ Association) සිය 61 වන සංවත්සරය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (25) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්විණි. 1963 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) මේ වනවිට බටහිර ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ ඉහළම ප්‍රමිතින් පවත්වාගෙන යන 100% දේශීය පුද්ගලික ඖෂධ නිෂ්පාදකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් විවිධ ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරන අතර, දේශීය ඖෂධ වෙළඳපලින් 20% ක ප්‍රමාණයක් හිමි කර ගෙන සිටී. රජයේ රෝහල්වල සහ සායනවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධවලින් ආසන්න වශයෙන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222