Author: Kesara Athipola

ඉන්දියාවට එරෙහි තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සුපිරි පන්දුවාරයේ දී පරාජයකින් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ රාත්‍රියේ සිදු වුණා. පළමු තරග දෙකේ දී මෙන්ම මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මැද පෙල කඩා වැටීමක් සිදු වූ අතර, ඒ අනුව මැද පෙල හා පසුපෙල කඩුලු 7 ක් ලකුණු 22 ක් තුළ දැවී ගියේ පන්දු 25 ක් තුළදීයි. එම කඩා වැටීම හේතුවෙන් දෙරට අතර පැවැති තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් තරගය ආරම්භ කිරීමට සිදු වූයේ…

තව කියවන්​න

බලුකිස්තානයේ සිවිල් ක්‍රියාකාරීන්ගේ විරෝධතාවකට ආරක්ෂක අංශ මගින් එල්ලකල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . පකිස්තාන මාධ්‍ය වාර්තා කලේ ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙහිදී ආරක්ෂක අංශ විසින් විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබුණා. මෙම විරෝධතාව පවත්වා ඇත්තේ බලුචි සහ පස්තුන් ජාතිකයින් එරට මධ්‍යම ආණ්ඩුව විසින් පහත්කොට සලකන බව පවසමින් . බලුකිස්තානයේ විශ්වවිද්‍යාලයක් ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ පිරිසකින් 50 දෙනෙකු පමණ ආරක්ෂක් අංශ මගින් පැහැරගෙන ගොස් ඇති බවද වාර්තා වනවා. පානීය ජල අර්බුදය ඇතුලු ප්‍රශ්න රැසකින් පෙළෙන ජනතාව පිලිබදව එරට ආණ්ඩුව කිසිදු සැලකිල්ලක් නොදක්වන බවයි විරෝධතාකරුවන් සදහන් කලේ .

තව කියවන්​න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දීයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම රැස්වීම පවත්වා තිබුනා. මෙහිදී අදාළ යෝජනාව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින්. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එය ස්ථීර කර තිබෙනවා. මේ අතර තම කණ්ඩායමට ප්‍රථම සමගි ජන බලවේගය හා එක්වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා .…

තව කියවන්​න

දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ මගීන්ගේ පහසුව උදෙසා මෙම පියවර ගෙන ඇති බවයි . ඒ අනූව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ආසන වෙන්කිරීමේ කටයුතු පෙරවරු 10.00 ට ආරම්භ කෙරෙනු ඇති. මේ වන විට ආසන වෙන් කිරීමේ කටයුතු දිනපතා ආරම්භ වන්නේ රාත්‍රී 07.00 ටයි.

තව කියවන්​න

යුද්ධයේදී ආබාධිත වූ සියලු සෙබළුන්ට ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එහිදී දීමනා ලබා දීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි ලේකම්වරයා සදහන් කලේ. ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන තිබෙන බවද කමල් ගුණරත්න මහතා පැවසුවා . ඔහු මේ බව සදහන් කලේ දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

තව කියවන්​න

පුද්ගලයකුව ගල් හා පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ සිව්දෙනෙකුට, මරණ දඬුවම් නියම කර තිබෙනවා . ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින්. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි විත්තිකරුවන් සිව්දෙනෙකු හට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා. 2013 වසරේ ඔරුගොඩවත්ත සාන්තවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී මරා දැමීමේ චෝදනාවට විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී චෝදනා එල්ල වී තිබුනා. කෙසේ වෙතත් නඩුවේ 2 වැනි විත්තිකරු නඩු විභාගය අතරතුරදී මිය ගිය ගොස් තිබෙනවා. ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙහි 6 වැනි විත්තිකරුව නඩුවෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. විත්තිකරුවන්ට එරෙහිව 2017 වසරේදී නීතිපතිවරයා විසින් අධිචෝදනා 4ක් යටතේ දී නඩු පවරනු ලැබුවා.

තව කියවන්​න