Author: Kesara Athipola

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනය තුල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩිතරමක තද වැසි ඇති විය හැකි බවයි. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පළමු තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 03.30ට මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනවා. එමෙන්ම මෙම තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් වරම් හිමි කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු හා මිලාන් රත්නායක යන ක්‍රීඩකයින් වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.

තව කියවන්​න

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව 2023 වසරේ ජනවාරි 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලා. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් විභාග කිරීමෙන් අනතුරුවයි. එම හේතුවෙන් අදාළ තීන්දුව ප්‍රකාරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල අවස්ථා 7කින් ගෙවා අවසන් කර ඇතැයි වාර්තා වනවා.

තව කියවන්​න

අද දිනය තුල දුම්රිය වාර කිහිපයක ප්‍රමාදයක් සිදු වන බව දූම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ කොළඹ – මහනුවර නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ හලාවත – කොටුව කාර්යාල දුම්රිය කාර්මික දෝෂවලට ලක්ව තිබිම හේතුවෙන්. එම කාර්මික දෝෂ හේතුවෙන්, එම මාර්ගයන්හි දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

2009 වසරට පෙර නිකුත් කර ඇති සියලුම බර වාහන රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුනක කාලය තුළ අවලංගු කිරීමට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පැරණි රියදුරු බලපත්‍ර සියල්ලම භාවිතයෙන් ඉවත් කිරීම යටතේ, මෙම තීරණය ගත් බවයි මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ. එමෙන්ම පසුගිය කාලයේ මුද්‍රණය කරගත නොහැකිව ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර ලක්ෂ තුනක ප්‍රමාණයක් ද ඉදිරි මාස කිහිපය ඇතුළත මුද්‍රණය කර අවසන් කරන බව ද ඔහු සදහන් කළා.

තව කියවන්​න

සංගීත ප්‍රසංග නොපැවැත්විය හැකි තත්ත්වයක් උදාවී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා. එහි සභාපති දිනේෂ් ආතාවුද මහතා මේ බව සදහන් කලේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මැතිවරණය අවසන් වනතුරු ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට පොලිසිය අවසර නොදීම හේතුවෙන් තම පිරිස දැඩි ලෙස අපහසුතාවයකට පත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළා. මෙම ගැටලුව පිළිබඳව වහාම සොයා බලන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සංගමය සහාය ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම සංගීත ප්‍රසංග සහ විනෝද සැණකෙළි සංවිධාන කිරීම සඳහා විනෝද බදු අසීමිත ලෙස ගෙවීමට සිදුව ඇති බවද ඔහු පැවසුවා. ප්‍රසංගවලින් අය කෙරෙන විනෝද බද්ද අඩු කිරීමටද රජය…

තව කියවන්​න

සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනකු ඉදිරි දින කිහිපයේ ජනපතිවරයාට සහය දැක්වීමට එක්වන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකු මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණ ඇති බවයි හිටපු අමාත්‍යවරයා සදහන් කළේ . මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ අලුත්ගම ප්‍රදේශයේ පැවති තරුණ සමුළුව අමතමින්.

තව කියවන්​න

ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 631ක් දක්වා ඉහළගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 607ක් ලැබී ඇති බවයි. එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් වාර්තා වී ඇති බව එම කොමිසම සදහන් කළා. මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වැය කල හැකි උපරිම මුදල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එක් ඡන්ද දායකයෙකු සඳහා අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි එම කොමිසම පැවසුවේ. එම මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර ඒ අනුව මැතිවරණ නීතිය යටතේ ඡන්ද…

තව කියවන්​න

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ , කොටුව සහ මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළේ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ පැවති විරෝධතා හේතුවෙන් මෙම පියවර ගත බවයි. ඒ අනුව පසුගිය 15 වනදා ආරම්භ කල මෙම සේවාව ඊයේ දිනයේ සිට නතර කරනු ලැබුවා . මෙම බස් රථ සේවාවට එරෙහිව ගුවන් තොටුපොළ – කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය වර්ජනයක් ආරම්භ කළා. ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත සිය විරෝධතා ඉදිරිපත් කිරීමටයි කටයුතු කලේ. නවතා දැමූ බස් රථ වෙනුවට කටුනායක ගුවන් තොටුපොළ -…

තව කියවන්​න

ඉතාලියේ සිසිලියානු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සුඛෝපභෝගී යාත්‍රාවක් අනතුරට ලක්වී තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේදී එම යාත්‍රාවේ මගීන් 22 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. එහිදී එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව තිබුණා. අතුරුදන් වූ පුද්ගලයින් අතර ප්‍රංශ , අයර්ලන්ත , නවසීලන්ත මෙන්ම බි්‍රතාන්‍ය ජාතිකයින්ද වන බවයි එරට මාධ්‍ය සදහන් කලේ. මෙම අනතුරින් බේරාගත් 15 දෙනෙකුගෙන් 08 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර අදාළ ශ්‍රි ලාංකිකයාද ඒ අතරට අයත්. අදාළ මුහුදු ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම යාත්‍රාව පෙරලිමකට ලක්වී ඉන් අනතුරුව ගිලීමකට ලක්ව තිබුණා. මෙම යාත්‍රාවේ ගමන්ගත් පිරිස සිසිලියේ නිවාඩුවක් ගත කළ සංචාරකයින් පිරිසක් වන…

තව කියවන්​න