- සෞඛ්‍යයට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන දැඩි තීරණයක්
- මර්වින් සිල්වාට ඇප
- ගාමිණී ලොකුගේ හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද
- වසර දෙකකින් ආපස්සට ගිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ
- වියට්නාමය සමග වෙළෙඳ ගිවිසුමකට එළඹී බව ට්‍රම්ප් කියයි
- ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා
- කොරියානු රැකියා අවස්ථා වැඩි කිරීමට පියවර
- E-8 වීසා ගැන අලුත් ආරංචියක්
Author: Kesara Athipola
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි. පිළිතුරු ලෙස ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 8 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. ටොම් කොහ්ලර්-කැඩ්මෝර් පන්දු 21 කින් ලකුණු 57 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6…
සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර්හි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. ඩාර්ෆූර්හි බටහිර කලාපයේ වෙළඳපොළකයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ලොව විශාලතම මානුෂීය අර්බුදය ලෙස සැලකෙන සුඩාන ගැටුම් හේතුවෙන් මිලියන 11 කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා. මේ අතර පසුගිය දින කිහිපය තුළ එල්ල වු ප්‍රහාර හමුවේ මියගිය සුඩාන වැසියන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මතභේදයට ලක්ව තිබු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවීම සම්බනධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසා සිටියා.
මෙරට අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙලෙස අත්හිටුවා තිබුණා. අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත් ආරම්භ කළ බවයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සදහන් කළේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ දීමනාව අද ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත යොමු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක් සදහා මුදල් ලබා දීමට නියමිතයි. සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝජ් ගමගේ මහතා පැවසුවේ පොලිස් මුලස්ථානයෙන් ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවයි. ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා සදහන් කළේ.
තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. පසුගිය වසර කිහිපය තුළ නිකුත් කරන ලද බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබද අවධානය යොමු කරමින් මේ වන විට සියලුම සිල්ලරට මත්පැන් විකිණීමේ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා තිබෙනවා.
පාසල් හැර ගිය තරුණ පිරිස් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිටින නිපුණතා සංවර්ධන නිලධාරීන් යොමු කර ඇති බවයි. එම නිලධාරීන්, ගම්මට්ටමින් තරුණ තරුණියන් දැනුවත් කරමින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල පිළිබදව සියලු ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා සදහන් කළේ.
දුරගමන් සේවා දුම්රියවල ආසන වෙන්කිරීමේදී සිදුවු බව කියන වංචාක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිසියම් කණ්ඩායමක් විසින් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වැඩි වශයෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදීගෙන පසුව දෙස් විදෙස් සංචාරකයින්ට වැඩි මුදලය අලෙවි කරන බවට තොරතුරු ලැබි ඇති බවයි. ඒ අනුව අදාළ වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබදව ඔවුන්ගේ දුරකතන අංක ද සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේ. මේ අතර ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ වෙන් කරන දුම්රිය ප්‍රවේශ පත්‍ර විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර…
පසුගිය පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීම සඳහා වන නීති සංශෝධන ක්‍රියාවලිය ආරම්භ කළ බව රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසුවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් එම කටයුතු සිදුකෙරෙන බවයි. පක්ෂ නායකයින්ගේ එකඟතාව මත පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. ඒ අනුව පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙන ඒමට නියමිත අතර අදාළ සංශෝධන නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් පසු ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222