- ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙළා – ඉන්දික අනුරුද්ධ
- නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්
- තුර්කියේ ලැව් ගිනි
- නව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
- වාර්ෂික පළාත් පුස්තකාල සමුළුව 6 වැනි වරටත්
- බීමතින් රිය පැදවූ රියදුරුට අධිකරණයෙන් ලැබුණු දඬුවම
- වෛද්‍ය මහේෂිගේ ඇප ඉල්ලීම සලකා බැලීම 8 වැනිදා
- අස්වැසුම අභියාචනා භාරගැනීම 16 වැනිදායින් අවසන්
Author: Kesara Athipola
මෙරට ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (01) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරණායක සම්මණ්ත්‍රණශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජාතික සුව සේවා ප්‍රදර්ශනය මෙවර පවත්වන්නේ 13 වෙනි වරටය. අද දින ආරම්භ කරන ලද ප්‍රදර්ශනය මාර්තු 03 වෙනි දින දක්වා දින තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ජාතික සුව සේවා, ආයුර්වේදීය ඖෂධ, සුවසේවා සංචරණ, සුවබර ජීවන යනුවෙන් ප්‍රධාන ප්‍රදර්ශන ධාරා හතරක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය ක්ෂේත්රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයටම අයත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ප්‍රදර්ශන කුටි 130 කට අධික…
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග සහ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත් කරමින් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වැනි ඉරිදා දින පැවැත්වීමට නියමිතය. 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 සිට 2024 මැයි 15 දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, අ.පො.ස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පවත්වන බව සඳහන්. 2024 අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බව වැඩිදුරටත් එම දෙපාර්තමේතුව සඳහන් කරයි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සහ තායිලන්ත ජාතික බෞද්ධ බැතිමතුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. මෙහිදී තායිලන්ත ජාතික බෞද්ධ කණ්ඩායම ඩොලර් 50000ක මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකර තිබෙනවා. එම මුදල ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ‘කදුලක් පිසදමමු’ ව්‍යාපෘතියට යොදවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. මෙරට ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනාතාවට පිහිටවීම සදහා ජනාධිපති අරමුදල මගින් මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.
යාපනයේ දූපත් 3ක් වෙනුවෙන් විදුලිබලය සම්පාදනය කිරීම සඳහා දෙමුහුම් බලශක්ති ව්‍යාපෘතියේ ඉදිකිරිම වෙනුවෙන් ගිවිසුම්ගත වීම අද සිදු කෙරුනා. ඒ සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 10.995ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. ඩෙල්ෆ්, එලුවතිව් සහ නයිනතිව් යන දූපත්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම දෙමුහුම් පද්ධතිය 2025 මාර්තු වන විට වැඩ අවසන් කිරීමට නියමිත බවයි අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ.
ඝානා පාර්ලිමේන්තුවේ විදුලිය විසන්ධි කර ඇත. විදුලි බිල නොගෙවීම හේතුවෙන් එලෙස ඝානා පාර්ලිමේන්තුවේ විදුලි බලය විසන්ධි කිරීමට එරට විදුලිබල සමාගම කටයුතු කර ඇත. එසේ විදුලිබලය විසන්ධි කර ඇත්තේ, ඩොලර් මිලියන 1.8ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙලෙස විදුලිබලය විසන්ධි කර ඇත්තේ එරට ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතරතුර වීමද විශේෂත්වයකි.
ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ශ්වසන ආබාධයකින් පෙළෙන බව වාර්තා වන අතර, ඔහු ඊයේ (29) බංග්ලාදේශය බලා පිටත් ව ගිය කණ්ඩායමට එක් නොවුණු බව සඳහන් වේ. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා වෙනුවට නිරෝෂන් දික්වැල්ලව නම් කර තිබේ.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් එළැඹෙන ජූලි මස සිටි දින 45ක් දක්වා තාවකාලික ව නතර කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ. නියමිත නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වසා දැමෙන බව නිවේදනයේ සඳහන් ය. ඉදිරි වසර 03ක කාලයක් සඳහා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ උපරිම නිෂ්පාදන ධාරිතාවක්, ආරක්ෂිත සහ විශ්වසනීය ක්‍රියාකාරිත්වයක් මෙමගින් අපේක්ෂා කෙරේ.
පසුගිය 2022 වසරේ ජූලි මස 9 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවසේ තිබූ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකුට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබේ. ජනාධිපතිවරයාගේ නිවසේ බෝතලයක් තුළ තිබූ රුවල් නැවක ආකෘතියක් ඇඹිල්ලවත්ත පාර ප්‍රදේශයේ පදිංචි අයෙකු විසින් සොරාකම් කර ඇති අතර, ඔහුට එරෙහිව නඩු පවරා වරද පිළිගැනීමෙන් පසුව අද (01) දින දඬුවම් නියම කර ඇත. ඒ අනුව එම පුද්ගලයාට මාස 6ක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා තිබේ. මේ අතර එදිනම ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසේ තිබූ ලෝහමය හක් ගෙඩියක් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සොරාගැනීමේ වරදට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවම් අවුරුදු 5කට අත්හිටුවා ඇත. ඔහුට රු…
අද (01) දහවල් අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස වෙඩිවැදී මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. මෙම වෙඩිතැබීම සිදුකළ අපරාධකරුවන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර වෙඩිතැබීමෙන් පසු සැකකරුවන් පලා ගොස් ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීම සඳහා ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (01) විපක්ෂ නායකවරයා හමුවී සමගි ජන බලවේගය හා එක්වී ඇත. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇතිකිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළ බව වාර්තා වේ. 1971 අප්‍රේල් මස 24 වැනි දින මෙළොව එළිය දුටු ඔහු මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවේ ආධුනික කැඩෙට්වරයකු ලෙස හමුදාවට එක්ව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා හමුදා සේවයට අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරා ගැනීමට සමත්ව තිබෙනවා. යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන්වූ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222