Author: Kesara Athipola
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර ඇත. තරගාවලිය පුරාවට තරග විස්තර FM 107 වී FM රේඩියෝවෙන් ශ්‍රවණය කළ හැක.
අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වනවා. ඉන්ධන මිල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අද දිනයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරපත් කිරීමට නියමිතව ඇති බවයි තොරතරු වාර්තා වී තිබුණේ. මාර්තු මස මුලදී මිල සංශෝධනයක් සිදුවිය යුතුව තිබුණද එහිදී මිල සංශෝධනයක් සිදු නොකිරීමටයි රජය තීරණය කළේ.
ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ දියනෑමට ගිය ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක් දියේ ගිලී මියගොස් තිබේ. මෙම දැරිය ඇගේ මව සහ සහෝදරිය සමග ඊයේ (03) සවස් කාලයේ ඇබිත්තන්ගොඩ ඇළේ දිය නෑමට ගිය අවස්ථාවේ තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කිරීමෙන් අනතුරුව අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. දැරියගේ මව සහ සහෝදරිය මේ වන විට ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබිමින් සිටී.
2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකුට පහරදී මරණයට පත් කිරීමේ චෝදනා වලට වරදකරුවන් වීම හේතුවෙන් පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
මෙරට රත්තරන් වෙළඳපොළ තුළ අද (04) රන් මිල ඉහළ ගොස් ඇත. රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රුපියල් 166,950ක් සහ කැරට් 24 රන් පවුම රුපියල් 182,050ක් ලෙස සටහන් වී තිබුණා. එමෙන්ම, කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,760ක් වන අතර,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 182,050ක් ලෙසයි සටහන් වන්නේ. කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 20,870ක් වන අතර කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රුපියල් 166,950ක් වන අතර, කැරට් 21 ග්‍රෑම් 1ක් රුපියල් 19,920ක් වන බව සටහන් වේ.
යේමනයේ හූති කැරළිකරුවන් පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍යය ට අයත් රූබිමා නෞකාව පොහොර තොගයක් සමග මුහුදුබත් වූ අතර බ්‍රිතාන්‍යය නෞකාවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බව හූති කැරළිකරුවන් සඳහන් කරයි. රූබිමා නෞකාවට පෙබරවාරි 18 වනදා හූති කැරළිකරුවන් ප්‍රහාරයක් එල්ලකළ අතර එය මුහුදුබත් වීමට ප්‍රථම එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වී ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් අද දිනයේ සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි. ඒ අනුව 011 2 117 116 යන දුරකථන අංකය හරහා මෙන්ම www.dmtappointments.dmt.gov.lk යන වෙබ් අඩවිය හරහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක්…
ජාතික ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මානව හිමිකම් ආරක්ෂා කළ යුතු බව ශ්‍රී ලංකාව පිළිගන්නා බව ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක මහත්මිය පවසනවා . ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්. ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පසුගිය 26 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි නිත්‍ය සැසිවාරය අප්‍රේල් මස 05 වැනිදා දක්වා පැවැත්වෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222