Author: Kesara Athipola

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා. අද පෙරවරු 09.30 සිට පෙරවරු 10 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම සඳහා වෙන් කර තිබෙනවා. ඉන්පුසව ඊයේ දිනයේදී විවාදයට ගනු ලැබූ සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් සංශෝධන ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය අද දිනයේත් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ දුම්රිය සේවකයින් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් විසින් මෙම පහරදීම සිදු කර තිබුණා.

තව කියවන්​න

විදුලිබිල අඩු වීමට සාපේක්ෂව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්ලේන්ටි, කිරි තේ, බත්, රයිස්, කොත්තු හා කෙටි ආහාරවල මිල පහළ දැමීමට කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. මේ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, බත් පාර්සලයක් රුපියල් 25කින් හා ෆ්‍රයිට් රයිස් හා කොත්තුවක මිල රුපියල් 50කින් අඩු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන්ම එළවළු රොටි ඇතුළු කෙටි ආහාරයක මිල රුපියල් 10කින් පහළදමා තිබෙන බවද එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළා.

තව කියවන්​න

ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා. එහිදී වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් නෛතික බලයක් නැති බවටයි පක්ෂ නායකයන්ගෙන් තර්කයක් ඉදිරිපත්වී ඇත්තේ. නෛතික බලයක් තිබුණද ජනතාව පීඩාවට පත්වී සිටින මොහොතක සියයට 70කින් වැටුප් වැඩි කරගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවද පක්ෂ නායකයන් එහිදී පවසා තිබෙනවා. මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව රුපියල් මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවටත් අනාවරණයවී තිබෙනවා.

තව කියවන්​න

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. සිය වැටුප් අඩුකිරීමට යෝජනා කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කරන ලෙස ඉල්ලා ඔවුන් එම වර්ජනය නිරත වීමට සැලසුම් කර තිබුණේ. ඒ අනුව මෙම වර්ජනය සදහා දුම්රිය නියාමකවරුන් හා අධීක්ෂණ කළමනාකරුවන් ඇතුළු දුම්රිය සංගම් ද එක්වීමට නියමිතව සිටි බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සදහන් කළා. කෙසේවෙතත් ඊයේ පස්වරුවේ දුම්රිය බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී දුම්රිය බලධාරින් සිදුකළ කරුණු පැහැදිලි කිරීමකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.

තව කියවන්​න

මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (DewiGustinaTobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින් ස්ථාපනය කර ඇති ස්මාරකය නැරඹිමට එක්විය. 1974.12.04 දින ඉන්දුනිසියාවේ සිට ගුවන් මගින් සහ කාර්ය මණ්ඩලයේ 191 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබු DC 08 එයාර් මාටින් ගුවන් යානය සප්ත කන්‍යා කදු වැටියේ ගැටි එහි ගමන් ගත් සියළුම පිරිස ජිවිතක්ෂයට පත් විය. එම ගුවන් අනතුරෙන් මිය ගිය ගුවන් සේවිකාවකගේ හැර අනෙකුත් සියළු දෙනාගේ මල සිරුරු සප්ත කන්‍යා කදු පාමුල මිහිදන් කර , මිය ගිය අය සිහි කරමින් ඉන්දුනිසියානු රජය මගින් එම ස්ථානයේ මෙම ස්මාරකය ඉදි කෙරිණ. එම ගුවන් අනතුර…

තව කියවන්​න

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් අද (05) පැවති සමාලෝචන රැස්වීමක තීරණය කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ වෙළඳපොළේ බිත්තර මිල ගණන් අසීමිත ලෙස ඉහළ යාම පාලනය කිරීම සහ එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබා දීමයි.

තව කියවන්​න

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර ගැනේ. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ (04) කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ. චෙලකොස්ලෝවැකියානු රජයේ ත්‍යාගයක් ලෙස කන්තලේ සීනි කර්මාන්තශාලාව මෙරටට ලැබුනේ වර්ෂ 1960 දී ය. එහෙත් වසර 30කට අධික කාලයක් එය පැවතුනේ අක්‍රීයවයි. මේ තත්ත්වය නිරීක්ෂණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහාම මෙම කර්මාන්තශාලාව ලංකා ශුගර් පැලවත්ත සහ සෙවනගල සීනි කම්හල් වෙත පරවාගෙන නැවත ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට ගොස් උපදෙස් ලබා දී තිබේ.

තව කියවන්​න

දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරඟකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන් වෙනුවෙන් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි (ABOE – Activity Based Oral English) වැඩසටහන පාසල් වෙත හඳුන්වා දීම පිණිස මහරගම ධර්මාශෝක විද්‍යාලයේ ඊයේ (04) පැවති ජාතික වැඩසටහනට එක්වෙමිනි.

තව කියවන්​න