- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: Kesara Athipola
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් කඩුළු 08ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසාවයේ කඩුළු 05ක් දැවී ලකුණු 165ක් රැස් කළා. එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේනී ටස්කින් අහමඩ්, මෙහෙදි හසාන්, මුස්ටෆිසූර් රහුමාන් සහ සෞම්‍ය සාකාර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 02ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක නජ්මුල් හුසේන්…
සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එමෙන්ම සමෘද්ධි ව්‍යාපාරය සවිලබ ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙනයන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් සඳහන් කළේ.
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් අපේක්ෂකයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමෙන් ඉවත් වීමට නිකී හේලී තීරණය කර තිබෙනවා. ඇය හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ මැතිවරණවලට තරග කළ නමුත් දිනා ගැනීමට හැකි වූයේ වොෂින්ටන් ප්‍රාන්තය පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති තරගය නැවත වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන් අතර සිදුවනු ඇති බව සඳහන්.
මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහබැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කළ ආකාරය සහ වැටුප් ප්‍රතිශත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කළා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. මහ බැංකුවේ මාණ්ඩලික 4 වැනි පංතියේ නිලධාරීන්ගේ දළ වැටුප රුපියල් හය ලක්ෂ හයදාස් දෙසිය විසි හතේ සිට රුපියල් දස ලක්ෂ හතළිස්නම දහස් හාරසිය තිහ දක්වා ඉහළ දමා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 73.11ක වැටුප් වැඩිවීමක්. එමෙන්ම, මාණ්ඩලික පංතිය විශේෂ ශ්‍රේණිය සහකාර අධිපති තනතුරේ වැටුප රුපියල් හත් ලක්ෂ දාසය දහස් හත්සිය හැත්තෑ තුනක් ලෙස පැවති අතර…
උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලස උඩප්පුව ප්‍රදේශයේ ගම්වාසින් පිරිසකට පහරදීමේ සිද්ධියකට අදාළවයි සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොලිසිය පැවසුවේ මේ වන විට ඔහු වැඩ තහනමකට ද ලක්කර ඇති බවයි. ප්‍රදේශවාසින් පිරිසක් සහ උඩප්පුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අතර ගැටමක් හටගෙන තිබු අතර එහිදී ඇතිවු නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැදවීමට පියවර ගෙන තිබුණා.
පාර්ලිමේන්තුට අදත් පෙරවරු 09.30ට ආරම්භ වුණා. අද දිනයේදී ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි. මේ අතර එකතු කළ අගය මත බදු බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ වැඩි ඡන්ද 24න් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට අදාළව පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 59ක් හිමිවු අතර විපක්ෂය හිමිවුණේ ඡන්ද 35ක් පමණයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සදහා ඉටු කළ සුවිශේෂි භූමිකාව පුවත්පත්වල කාටුන් ශිල්පීන් දුටු ආකාරය එක්කර සම්පාදනය කළ “Press Vs Prez” කෘතිය අද එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 04.00ට කොළඹ නෙළුම් පොකුණ රගහලේදීයි මෙම කෘතිය එළිදැක්වීමට නියමිතව ඇත්තේ. පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා 2021 වසරේ ජුනි 23 වැනිදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්දා සිට 2023 මැයි මාසය දක්වා පුවත් පත්වල පළවු කාටූන් 600ක් පමණ මෙම කෘතියට ඇතුලත් කර තිබෙනවා. මේ අතර ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද…
රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ආර්ථික තත්ත්වය යහපත් බැවින් මෙලෙස සංවර්ධන කටයුතු යළි ආරම්භ කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ඉන්දියාව , චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සදහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222