- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට මිසයිල ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදාව පවසනවා . ඒ අනුව සියලුම ඊශ්‍රායල සිවිල් වැසියන් බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂාවන ස්ථානවල රඳවා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විශේෂ දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා එහි දැක්වෙන්නේ ඊශ්‍රායලයේ සිටින සියලු දෙනාට නැවත දන්වන තුරු ආරක්ෂාවක් ලැබිය හැකි ස්ථානයක් ආසන්නයේ සිටින ලෙසයි අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළැකි තම ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය හා PIBA ආයතනය විසින් නිකුත් කර ඇති උපදෙස් නිරන්තරයෙන් පිළිපදින්න ලෙසද දැනුම් දී තිබෙනවා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කර තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගයට සහබාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයගෙන තිබෙනවා. ඒ ස්කොට්ලන්තය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින් මෙම තරගය ඩුබායි සවනෙස් ක්‍රීඩාන්ගනයේදී දී පැවැති අතර මෙම තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තීරණය කලද ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන බලඇණිය ඉදිරියේදී ඔවුන් දුර්වල වුනා. එම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 58කට සීමා වුනා ඔවුන්ගේ ඉනිමේ දී පළමු පන්දු වාරයේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර .එම ඉනිමේ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු එම කණ්ඩායම ලබන හතර වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති. ඔවුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව ආර්ථික කණ්ඩායම හමුවීමටයි නියමිතව ඇත්තේ. එහිදී ඔවුන් මෙරට නව ආර්ථික වර්ධනයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක ශ්‍රි ලංකා ආර්ථික වැඩසටහන යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයා සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මූල්‍ය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි. දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන එම සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ඛඡ ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි. ඒ අනුව, 12.5 ණට සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්ද, 5ණට සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙසද, 2.3ණට සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසද නොවෙනස්ව පවතිනු ඇති.
පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඞහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක්දින නායකත්වයෙන් ඉවත් වූ බවයි. ඔහු මීට පෙර 2023 වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී පාකිස්ථානයේ දුර්වල දස්කම් හේතුවෙන් නායකත්වයෙන් ඉවත් වූවා.
පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු වු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ අනුව වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු අතර එයින් වාහන 15ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන ගොස් තිබෙනවා.
ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවර කෝලා පළාතේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ ඊශ්‍රායල හමුදා බලඇණි සීරුවෙන් සිටින බවත් ඔවුන් ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් බවත් ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
2024 ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකාව ලකුණු 17-14ක් ලෙස මැලේසියාව පරාජය කරමින්. ආසියානු වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය පසුගිය දා මැලේසියාවේදී ආරම්භ වුණා. මෙවර තරගාවලියේදී මූලික වටයේ ඊ කාණ්ඩයෙන් තරග බිමට පිවිසුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තායිලන්තය පහසුවෙන් පරාජය කළා. ඉන් අනතුරුව දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 29ට 12ක ජයක් වාර්තා කළා. මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි අවසන් තරගයේදී ප්‍රබල හොංකොං කණ්ඩායම ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය ලකුණු 17ට 17ක් ලෙස ලකුණු සමව අවසන් වුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222