- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
මේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයියනායක කෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. අද (12) දහවල් මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා, “ඉස්සර වෙලා රැස්වීම තියන අතරතුර මැතිවරණයට අවශ්‍ය ප්‍රථිපත්තියක් හදා ගන්න. ආර්ථික දර්ශනයක්, ප්‍රථිපත්තියක් සකස්කර ගන්න. කතිකයෝ සියල්ලම තම පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව එකම දේ…
කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
කොළඹ මහ පල්ලිය, සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) හිලාල් අංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව (DMRCA) එක්ව 2024 වසර සඳහා වන රාමසාන් උපවාස සමය අදින් (12) ඇරඹෙන බව ප්‍රකාශ කර ඇත. රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ ෂාබාන් මාසයට පසුව උදාවන මාසය වේ. රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වේ. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බු මාසය ලෙස හඳුන්වනු ලබයි. ලොව පුරා සිටින මුස්ලිම්වරුන් යාඥාව, නිරාහාරව සිටීම, පුණ්‍ය කටයුතු කිරීම සහ ආගමික භක්තිය කෙරෙහි අවධානය යොමු කරන කාලයකි. රාමසාන් මාසයේ අවසාන තුන්වන කාලය විශේෂයෙන් ශුද්ධ වූ කාල පරිච්ඡේදයකි, එය කුරානයේ (කුරානයේ) පළමු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා ද එක්ව සිටි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජයේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා මෙහිදී සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදු කර ඇති විශ්ලේෂණාත්මක දත්ත සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මෙම සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව පැවසූ ජනාධිපති රනිල්…
ශ්‍රී ලංකාව සදහා නව පත්වීම් ලැබූ තායිලන්ත සහ පාකිස්ථාන තානාපතිවරුන් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදීම සිදුකරනු ලැබුවා. මේ අනුව තායිලන්ත රාජධානියේ මෙරට තානාපතිවරයා ලෙස පයිටූන් මහපන්නපෝන් මහතා අක්තපත්‍ර භාරදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එමෙන්ම පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මෙරට මහ කොමසාරිස්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහීම් උල් අසීස් අක්තපත්‍ර භාර දී තිබුණා. කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම අක්තපත්‍ර භාරදීම සිදුකෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේ.
ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ඊයේ රාත්‍රියේ ස්ථාන 2 ක සිදු වූ වෙඩි තැබීම් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබෙනවා. මේ අනුව අදාළ වෙඩි තැබීම් දෙකම එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදු වූ වෙඩිතැබීම් 2 කින් පුද්ලයන් සිව් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා තිබුණා. පොලිසිය ප්‍රකාශ කළේ පිටිගල ගුරුවල ප්‍රදේශයේ වෙළදසැලක් අසලදී ඊයේ රාත්‍රීයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම අම්බලන්ගොඩ ගලබොඩ ප්‍රදේශයේ වෙළදසැලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා…
ශ්‍රී ලංකාවට අයි එම් එෆ් වෙතින් අවසානයට ලබා දීමට නියමිත වාරිකයටද කොන්දේසි විරහිතව ඔවුන් එකඟ වී ඇති බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. ආර්ථික වශයෙන් බංකොලොත් වූ රට මේ වන විට සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
කාන්තාවන් භාවිත කරමින් ඡන්දය ලබාගැනීමට ඇතැම් පක්ෂ සිදුකරන සංදර්ශන අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එමෙන්ම වැටුණු රට ගොඩනැගීමට නම් ජනතාවගේ නව පිබිදීමක් අත්‍යාවශ්‍ය බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජනරැළියකට එක්වෙමින්.
යාපනය – වඩුක්කෝට්ටේ – පොන්නාලේ ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් 24 හැවිරිදි සැමියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඔහු සහ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රීයේ ඔවුන්ව පැහැරගෙන ගොස් ඇති අතර පසුව බිරිඳ මහ මග දමා ස්වාමියා මෝටර් රථයේ නංවාගෙන ගොස් පහර දී ඝාතනය කර තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ සිදු කරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 46 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර 17 දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.ඳා මෙම මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 329 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 265 ක් සහ ගංජා ග්‍රෑම් 5089 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222