Author: Kesara Athipola

ඉන්දීය රජයේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී භූපින්දර් සිං භල්ලා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිස මෙරට පුනර්ජනනීය බලශක්ති ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මෙරට පුනර්ජනනීය බලශක්ති පාර්ශ්වකරුවන් සහ මෙරට නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට දින තුනක සංචාරකට එක්ව සිටී. මෙම දූත පිරිස සමඟ අද (12) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර පුනර්ජනනීය බලශක්ති සහයෝගිතාව, නව ව්‍යාපෘති ආරම්භ කිරීමේ හැකියාව, තාක්ෂණික හුවමාරු, අයෝජන අවස්ථා සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැණින. මෙම සාකච්ඡාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම සාකච්ඡාවට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දියානු නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ (සූර්ය බලශක්තිය)…

තව කියවන්​න

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, මේ වන විට පර්චස් 10ට වැඩි ගෙවතු වගා සඳහා රුපියල් ලක්ෂ2ක උපරිමයකට යටත්ව මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 232ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එය දිවයිනේ ගම්මිරිස් වගා කෙරෙන සෑම ප්‍රදේශයකින්ම වාර්තා වන බවත් මේ වනවිට ඒ හේතුවෙන් අක්කර 200ක පමණ ගම්මිරිස් වගා එමගින් මුළුමනින්ම විනාශ වී ඇති බවත් සඳහන්. දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය නිසා මෙම රෝගය කඩිනමින් පැතිර යාමේ අවදානමක්ද මතු වී ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැවසුවේ. රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කිරීමෙන් සහ අදාළ රසායනික ද්‍රව්‍ය ද භාවිතා කිරීමෙන් මෙම රෝග තත්ත්වය පාලනය කළ හැකි බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

තව කියවන්​න

අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල තව දුරටත් ශක්තිමත් වී ඇතැයි වාණිජ බැංකු පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 300ක් බවට පත් ව ඇති අතර එහි විකුණුම් මිල රුපියල් 311ක් ලෙස සටහන් වී ඇති බවයි වාණිජ බැංකුව සඳහන් කරනවා.

තව කියවන්​න

විශ්‍රාමික ගුරුවරුන් දහසක් වසර 3 ක කොන්ත්‍රාත් කාලයක් සදහා කඩිනමින් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එම කාලය අතරතුරදී විවෘති තරග විභාගයක් මගින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකි උපාධිධාරින් 1100 ක් අදියර වශයෙන් බඳවා ගැනීමට ද උපදෙස් ලබාගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. මේ අනුව 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් ලක්ෂ 2 ක් සදහා ඉංග්‍රීසී භාෂාවෙන් අධ්‍යාපනය ලබාගැනීමට පහසුකම් මෙමගින් සපයනු ඇති බව සදහන්.

තව කියවන්​න

පාසල් මැරතන් ධාවන තරගය අතරතුර හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයකින් සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පවසනවා. ඊයේ දිනයේදී තිරුක්කෝවිල් ප්‍රදේශයේ පැවති පාසලක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ 16 හැවිරිදි සිසුවෙකු හදිසියේ රෝගී වීමෙන් අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. අදාළ සිසුවා මියයාමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන එන් එස් බී එම් අධ්‍යාපන ආයතනය මගින් වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේද සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට නියමිතයි. එමගින් එම් බී බී එස් උපාධිය පිරිනැමීමට ද යෝජනා වී තිබෙනවා. එම උපාධි පාඨමාලාව සදහා වාර්ෂිකව දේශීය සහ විදේශීය සිසුන් 500 ක් බඳවා ගැනීමට ද අපේක්ෂිතයි. හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සදහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීමට එස් එස් බී එම් ආයතනය මේ වන විට අනුමැතිය ඉල්ලා ඇති බවද සදහන්.

තව කියවන්​න

අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ඊයේ (11) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

තව කියවන්​න

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතය පහත දැක්වේ. කුසල් මෙන්ඩිස් (නායක) චරිත් අසලංක පැතුම් නිස්සංක අවිශ්ක ප්‍රනාන්දු සදීර සමරවික්‍රම ජනිත් ලියනගේ කමිදු මෙන්ඩිස් සහන් ආරච්චි වනිඳු හසරංග මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ අකිල ධනංජය චාමික කරුණාරත්න දිල්ශාන් මධුෂංක ප්‍රමෝද් මධුශාන් ළහිරු කුමාර

තව කියවන්​න