- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
මානුෂීය මෙහෙයුමට සක්‍රීයව දායකවීමෙන් රණක්ෂිතයට පත්ව පාද අහිමි වූ නාවික හමුදා පුද්ගලයින් වෙත කෘතීම පාද පිරීනැමීමේ වැඩසටහන යටතේ නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෙත සංකේතාත්මකව කෘතීම පාද පිරිනැමීම, 2024 මාර්තු මස 14 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. දශක තුනකට ආසන්න කාලයක් මෙරට වෙලා පැවති ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දමා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් රණවිරුවන් විශාල කැපකිරීම් සිදුකර ඇති අතර, ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් හා රණක්ෂිතයට පත්වෙමින් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් සිදුකල කැපකිරීම හේතුවෙන් මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීමට හැකිවිය. එලෙස රණක්ෂිතයට පත්ව පාද අහිමි…
හෙරොයින්, අයිස්, අබිං, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් 8 දෙනෙකු විශේෂ වැටලීමකින් වේල්ලවීදිය පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. වේල්ල වීදිය පොලිසියට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත, බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකුද අද පෙරවරුවේ වේල්ලවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ පොලිස් බල ප්‍රදේශයේ කුකුල් මස් වෙළඳසැලක ඊයේ රාත්‍රියේ සොරකමක් සිදු වී ඇත. ගම්පොළ මහනුවර ප්‍රධාන මාර්ගයේ තිබෙන තොග කුකුල් මස් ව්‍යාපාරික ස්ථානයට රාත්‍රී කාලයේදී පුද්ගලයකු මුහුණ ආවරණය කොටගෙන වෙළඳසැලට කඩා වැදි වෙළඳසැලේ තිබූ කුකුල් මස් කිලෝ 16ක් රුපියල් 40,000ක් හා උපකරණ සොරකම් කර තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ ගම්පොළ පොලිසිය හරහා ක්‍රියාත්මකයි. CCTV දර්ශන නරඹන්න.
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 47 වෙනි එක් එක්දින ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ඇරඹුණා. කාසිය වාසිය හිමි කරගත් ශාන්ත තෝමස් විද්‍යාලය මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා. කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නායකත්වය දරන්නේ සිනෙත් ජයවර්ධන වන අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ මහිත් පෙරේරා විසිනි. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන නිල් මහා සටනින් අනතුරුව මෙවර එක් දින ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ 47 වෙනි වතාවටයි.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මෙහෙයවන Fifa Series පාපන්දු තරගාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වීම සඳහා පුහුණු තරගයක් පසුගියදා කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා New Star කණ්ඩායම මෙහිදී තරඟ වැදුනා. Fifa Series සඳහා ශ්‍රි ලංකාව, භූතානය, පැපුවා නිව්ගිනියා සහ Central Africa යන රටවල් තරග වැදෙනු ඇති. එළඹෙන 22 සහ 25 යන දෙදින තුළදී තුරඟ තරග පිටියේදී තරග පැවැත්වීමට නියමිතයි. මෙහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ භූතානය හා පැපුවා නිව්ගිනියා සමඟයි. ශ්‍රී ලංකා කණ්ඩායම Fifa Series තරගාවලියට සූදානම් කිරීම තරඟයේ අරමුණයි.
මීට වසර එකහමාරකට පෙර අපිට විදේශ සංචිත තිබ්බේ ඩොලර් මිලියන විස්සක් බවත්, එය කාටවත් නොකියා සිටීමට සියලු දෙනාම පොරොන්දු දී කටයුතු කළ බවත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ කොළඹ පැවති උත්සවයක දී පැවසුවා. එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හතරකින් වැඩිවී ඇති බවයි. ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කෙරූ උත්සවයකට එක්වෙමින් ඔහු එලෙස ප්‍රකාශ කර සිටියා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීට වසර එකහමාරකට පෙර ඉදිකිරීම් ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම කඩා වැටුනු බවයි. …………………………………………………………………. සම්පූර්ණ කතාව නරඹන්න
සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී ඇති බව සීදූව පොලීස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක මහතා පවසයි. මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවට පොලීසිය සැක පල කරයි. එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා. ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රි මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණා. එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට පාපොච්චාරණය කර ඇති…
යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සිදු කල මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මීරිගම, හිරිවල ප්‍රදේශයේ නිවසක් නිවසක් පරීක්ෂා කිරීමේදී නිවස තුළ සඟවා තිබූ මෙම ගිනි අවිය සොයාගැනීමට පල්ලේවෙල පොලීසියට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු හා දක්ෂ නර්තන ශිල්පියෙක් බව පොලිසිය පවසයි. මෙම ගිනි අවිය සමඟ එයට භාවිතා කරන මූනිස්සම් කීපයක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත. පොලිසිය මෙම ගිනි අවිය සොයාගන්නා අවස්ථාවේදී එයට මූනිස්සම් ලෝඩ් කර තිබූ බවත් පොලිසිය විසින් එය නිෂ්ක්‍රීය කළ බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව…
මින්නේරිය වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ සවස මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ මින්නේරිය දුම්රියපොල මංසන්ධියේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක් පමණ වන දෙදරු පියෙකි. මිය ගිය පුද්ගලයා සිය මිතුරන් කිහිප දෙනෙකු සමග ඊයේ (15) සවස මින්නේරිය වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු දියේ ගිලීමෙන් මිය හොස් ඇති බව මින්නේරිය පොලීසිය පවසයි. දියේ ගිලුණු එම පුද්ගලයා ගොඩට ගෙන ඔහුගේ මිතුරන් හා ප්‍රදේශවාසීන් ඔහුව ප්‍රතිකාර සදහා හිගුරක්ගොඩ මූලික රෝහලට ඇතුලත් කලද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව හිගුරක්ගොඩ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියී. මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222