- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: Kesara Athipola
ඇල්ල, ඌව කරඳගොල්ල ප්‍රදේශයේ නිවසකට ගිනි තබා අනර්තයක් සිදු කර පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවන කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
පාකිස්ථාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය කඩුළු දෙකකින් ජය ගැනීමට ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 159ක් රැස් කළා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 163ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.
මෙම සතියේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ලංකා විදුලබල මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාව කැඳවා තිබෙනවා. නව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත්වීමෙන් පසු පවත්වනු ලබන පළමු රැස්වීම අද (19) දිනයේදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව අද දිනයේදී රාජ්‍ය වැවිලි සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමටයි පියවර තිබෙනවා. එමෙන්ම අනිද්දා දිනයේදීද කෝප් කමිටුව රැස්වන අතර, එදින කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයි.
මෙම වසරේ පළමුවෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ. ඒ අනුව පළමුවෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් වන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා. මෙම වසරේ පළමුවෙන් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද නැතිනම් ජනාධිපතිවරණයද යන මතවාදය රට තුළ පැතිර යන අතර, ඊට ප්‍රතිචාර දක්වමිනුයි ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළමුවෙන් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන බැවින් එම කටයුතු ඒ ආකාරයෙන් සිදු වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරයේ අල් -ෂිෆා රෝහල සිය පාලනයට ගෙන තිබෙනවා. හමාස් සංවිධානයේ අභ්‍යන්තර ආරක්ෂක බලකායේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඇතුළු ත්‍රස්ථාවාදීන් 20 දෙකෙු මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙලෙස ඊශ්‍රායල හමුදා විසින් අල් -ෂිෆා රෝහල සිය පාලනයට ගැනීමේදී වෙඩි හුවමාරුවක්ද සිදු ව තිබෙනවා.
අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තවත් සතිය කාලයක් සඳහා අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලිකිතව ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පවුල් කිහිපයක් එක්ව සිදු කරනු ලබන දේශපාලනය තුරන් කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්කු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මාතර පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
දුම්රිය ආසන සම්පූර්ණයෙන් ඔන්ලයි ක්‍රමයට වෙන් කිරීමේ වැඩපිළිවෙල සාර්ථක වී ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ආසන වෙන් කිරීම ඉහළ ගොස් ඇති බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. මේ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන් වාර ඉහළ දැමීමටද කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.
යුක්රේන රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 55 දෙනෙකු එරට යුද බිමට යොමුකළ පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ. එලෙස යවන ලද පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
සක්වල වැඩසටහන යටතේ තෝරා ගැනීමකින් තොරව පාසල් සඳහා බස් රථ ලබා දීම සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සක්වල වැඩසටහන යටතේ බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222