Author: Kesara Athipola

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය දාවනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ පියවර ගනු ලැබුව. ඒ අනුව අද පෙරවරු 07 වන තෙක් දුම්රිය ප්‍රමාද වී හෝ දුම්රිය අත්හිටුවීමට සිදුවන බව සඳහන්.

තව කියවන්​න

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට දේශසීමා උල්ලංඝනය කරමින් නීති විරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමේ අවසරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමේ බලය පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ගත් මෙම තීන්දු ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය එම තීන්දුව අභියෝගයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා රේගුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කිරීමට රේගු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රේගු ත්‍යාග අරමුදලට අදාලව මුදල් අමාත්‍යාංශය විසින් ගෙන තිබූ යම් තීරණ වලට විරුද්ධව පසුගිය සිකුරාදා දින සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමටයි ඔවුන් කටයුතු කළේ. ඒ අනුව ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්චාවේදී ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබීමේ හේතුවෙන් මෙම තීරණය ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවා. ඒ අනුව අද උදෑසන සිට සාමාන්‍ය පරිදි රේගුවේ වැඩකටයුතු සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනාම සතුටු කිරීමට ගොස් ඔහු අසාර්ථක වූ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ඒ සඳහා වෙන කිසිවෙක් නොව ඔහුම වගකිව යුතු බව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට යළිත් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්. විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේ දී හසරංග විසින් විනිසුරුවරයකුගෙන් සිය හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුව ඇති බවත් අයි.සී.සීය පෙන්වා දෙනවා. මෙම වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා ඇති අතර, තරග ගාස්තුවෙන් සියයට 50ක…

තව කියවන්​න

වියලි කාලගුණය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම කටයුතු දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කරන බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් උදය හේරත් මහතා සඳහන් කළා. මේ අතර ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික් වලට වියලි කාලගුණය හේතුවෙන් ජල හිඟයක් මතුව ඇති අතර, ඒ අනුව පානිය ජලය බෙදා හැරීමද ආරම්භ කර ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූවේ.

තව කියවන්​න

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් තිබූ රුපියල් කෝටි දොලහකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනාය ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ, ජංගම අංශයේ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණීf්දී අත්අඩංගුවට ගත් බවයි අපගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළේ. මොවුන් අතරින් එක් පුද්ගලයෙකු 60 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් ව්‍යාපාරිකයා 65 හැවිරිදි කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්. ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විස්කි බෝතල් අසුරා ඇති පෙට්ටි වලින් එම බෝතල් ඉවත් කර මෙම ස්වර්ණාභරණ තොගය එම පෙට්ටි තුළ අසුරා  සගවා ගෙන පැමිණ තිබුණා.…

තව කියවන්​න

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා කෘත්‍රීම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තබා තිබෙනවා. දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කර තිබෙනවා. මෙම අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතයි. මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.…

තව කියවන්​න

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වූ රෝහිත අබේගුණවර්ධන මහතා යටතේ කමිටුවට සහභාගී විය නොහැකි බව දන්වමින් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මේ වන විට කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පළමුවෙන් පෙරේදා දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ. අනතුරු ඊයේ දිනයේදී මන්ත්‍රීවරුන් 07 දෙනෙකු ඉල්ලා අස්වීමට කටයුතු කළා. එහිදී මහාචාර්ය චරිත හේරත්, දයාසිරි ජයසේකර, හේෂා විතානගේ, නලින් බණ්ඩාර, එස්.එම්.මරික්කාර්, ෂානක්කියන් රාසමාණික්කම් සහ ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ. මේ අතර අද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අද දිනයේදී පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වාද විවාදය පැවැත්වීමටි ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ. එමෙන්ම විවාදය සඳහා හෙට දිනයත් ලබා දී ඇති අතර, ඒ අනුව හෙට පස්වරු 4.30ට පමණ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න