Author: Kesara Athipola

ශ්‍රී ලංකාවේ කුළුබඩු අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ක්‍රමෝපායන් පිළිබඳ අන්තර්ජාල සැසියක් (Webinar) 2024 මාර්තු මස 21 වන දින පස්වරු 02.00 සිට 03.00 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු සූදානම් කර තිබේ. අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සැසිය දැනට ව්‍යාපාරවල නියුතු ව්‍යවසායකයින්, නව ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් පැවැත්වේ. කුළු බඩු ඇසුරුම්කරණයේ වැදගත්කම, ඇසුරුම් ශිල්පීය ක්‍රම, ඇසුරුම් ද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ, නව්‍ය ඇසුරුම් ප්‍රවණතා පිළිබඳ අවබෝධය ලබාදීමට මෙම අන්තර්ජාල සැසිය (Webinar) මගින් බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එම අංශයේ සහකාර අධ්‍යක්ෂිකා හෙල්මලී විතාරණ මහත්මිය විසින් මෙහෙයවන අතර සම්පත් දායකත්වය…

තව කියවන්​න

පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ෆර්ගස් කමිං මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ. වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා, නැගී එන අභියෝග, විශේෂයෙන් අර්බුදයෙන් පසුව නැවත සාමාන්‍ය තත්වයට පත්වීමට ගන්නා ප්‍රයත්නයන් සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කර තිබේ. IMF වැඩසටහනෙන් ඔබ්බට ප්‍රතිසංස්කරණ සිදු කිරීම සමඟින් ප්‍රතිඵල බවට පරිවර්තනයවෙමින් පැවතීම සහ ප්‍රතිසංස්කරණ එලෙසම ‍ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව ද තවදුරටත් සාකච්ඡා කර ඇති අතර බදු පරිපාලනය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ලබා දියහැකි සහයෝගය සම්බන්ධව ද මෙම සාකච්ඡාවේ දී අදහස් හුවමරු කර ගෙන ඇත.

තව කියවන්​න

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය (SMEs) සඳහා සහාය ලබා දීම වෙනුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබේ. මෙම අරමුදල් මගින් අපනයන, සංචාරක, තාක්‍ෂණ, කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහය දැක්වීමට සහ අභියෝගවලට ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සදහා රජයේ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්‍ කිරීම අරමුණයි. මෙමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ණය සඳහා ණය ඇපකර ලබා දෙන ජාතික ණය ඇපකර ආයතනය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරනු ඇත.

තව කියවන්​න

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පාඨමාලා 05 ක් සඳහා (පාසල් දන්ත චිකිත්සක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරි, ඛන්තු රේඛණ ශිල්පී, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි, ඖෂධ සංයෝජක) බඳවා ගැනීමට, 2018,2019 සහ 2020 යන වර්ෂවල දී ජීව විද්‍යා විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අ.පොස.ස (උසස් පෙළ) විභාගය සමත්, අවශ්‍ය සුදුසුකම් සහිත සිසු සිසුවියන්ගෙන් 2024.03.22 දින සිට 2024.04.25 දින දක්වා මාර්ගගත ක්‍රමවේදයට (Online) ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ. වැඩිදුර තොරතුරු 2024.03.22 දින රජයේ ගැසට් පත්‍රය මගින් සහ www.healh.gov.lk අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

තව කියවන්​න

හඳුනා ගත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණය වන පරිදි එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුගිය වසරේ මුල් භාගයේ දී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබා දීමට රජය විසින් පියවර ගන්නා ලදී. හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදි ද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනි ගොස් ඇත. ඒ අනුව සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්…

තව කියවන්​න

ඉදිරි වසර කිහිපය තුළ දිවයිනේ සියලු ප්‍රාථමික සෞඛ්‍ය ආයතන සංවර්ධනය කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  පවසයි. සෞඛ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ  දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන  පැවත්වූ විශේෂිත පුහුණු වැඩමුළුවේදීය. මධ්‍යම පළාතේ විශේෂිත, තෘතියික, ද්විතීයික සහ පර්යන්ත රෝහල්වල හදිසි ප්‍රතිකාර රෝගී අංශවල (ETU) ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු කාර්ය මණ්ඩල සඳහා  පසුගිය කාලය තුළ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත. මෙම වැඩමුළුවට අදාළව පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් වැඩිම ලකුණු ලබාගත් ගිලන් රථ රියදුරන්ට මෙහිදී සහතික…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර පළාත වෙනුවෙන් සැලසුම් කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැඟීම රටේ ණය අර්බුදය පියවා ගැනීමට ප්‍රමාණවත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා පැවසීය. රට ගොඩගත හැකි එකම නායකයා වත්මන් ජනාධිපතිවරයා පමණක් බැවින් ඔහුට සහය දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ යුතුකම බව ද ඒ මහතා අවධාරණය කළේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

තව කියවන්​න

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ස්වාධීන වූ රජය සතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිවන ලදි. ඒ අනුව තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධන කර වත්මන් බලශක්ති මෙහෙයුම් අභියෝගයන්ට මුහුණ දිය හැකි ලෙස යාවත්කාලීන කිරීම සඳහා හැකියාව ඇති උපායමාර්ගික සුදුසු ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර ඇත. එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී ත්‍රිකුණාමලයේ ප්‍රතිස්ථාපන කර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රයද සමග නවීන තාක්ෂණය සහ පහසුකම් සමඟ සංවර්ධන කිරීමට ද ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කර එම අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද තීරණය කරන ලැබුවේය.

තව කියවන්​න

කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීම තුළ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රන්මිණිතැන්න ප්‍රදේශයේ අක්කර 06ක පමණ ඉතාමත් සාර්ථකව වගා කර ඇති එළවළු වගාවක් පසුගියදා (17) නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදීය. තුඹ කරවිල වගාවෙන් තම වගා කටයුතු ආරම්භ කළ මෙම ගොවි මහතා ඉන් රුපියල් මිලියන ගණනක ආදායමක් උපයා තිබේ. ඉන් අනතුරුව එළවළු වගාවට යොමු වූ ඔහු මේ වනවිට උඩරට හා පහතරට එළවළු දෙවර්ගයම තම ගොවිපළේ සාර්ථකව වගා කිරීම ආරම්භ කර තිබේ. නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික පොහොර හා කෘමිනාශක භාවිත කරමින්…

තව කියවන්​න