Author: Kesara Athipola

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාව ඉවසීමෙන් සිදු කරන කැප කිරීම අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලාපීය විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා පවසයි. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හමු වූ අවස්ථාවේ දීය. පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පළ කළ සුබ්‍රමනියම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ වේගවත් නැගී සිටීම සම්බන්ධයෙන් බංග්ලාදේශය ඇතුළු රටවල් කරුණු විමසන බවයි. විශේෂයෙන්ම බදු ක්‍රමය ඩිජිටල්කරණය සම්බන්ධයෙන් මෙහි දී කරුණු සාකච්ඡා කර තිබේ. මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය හුදෙක් ආර්ථික අතින්…

තව කියවන්​න

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද දින සිට අපේක්ෂා කල හැක. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව…

තව කියවන්​න

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මැතිතුමාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ  (20) පස්වරුවේ එක්වෙමිනි. උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි…

තව කියවන්​න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් සංචිතය සදහා සන්දීප් වොරියර් ආදේශ කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන ඇති බව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළා. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් මෙවර අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ මොහමඩ් ෂාමි වෙනුවටයි. ආබාධය හේතුවෙන් ෂාමි මෑතකදී ඔහුගේ දකුණු පාදයේ ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නා.

තව කියවන්​න

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ලෝකයේ සතුටු දර්ශකය අනුව ශ්‍රී ලංකාව 128වැනි ස්ථානයට පත්ව තිබෙනවා. වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේ පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාව පසු වුණේ 112 වැනි ස්ථානයේයි. ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 16න් පසුපසට ගොස් තිබෙනවා.

තව කියවන්​න

සංචාරක ඕස්ටේ‍රලියානු කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දික තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

රාජකාරියේ නිරතවී සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය මාස 05ක කාලය තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. ඒ අනුව රට තුල නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ සමස්ථ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 3,157ක් වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. මේ අතර 160 වැනි පොලිස් විරු අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා.

තව කියවන්​න

ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට සැකකරුවෙකු වෙඩි තබා තිබෙනවා. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිස් නිලධාරියෙකු සහ තුවක්කුකරු ද තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මීට පෙර පාතාල කල්ලි වෙඩි තැබීම්වලට සම්බන්ධ බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ලවී තිබෙනවා.

තව කියවන්​න

පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා වන ගැසට් නිවේදනය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු සඳහන් කළේ. මෙම නීතිය ක්‍රියාත්මක වනතෙක් අන්තර්කාලීන පියවරක් ගන්නා ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී ඉල්ලීමක් කළා.

තව කියවන්​න

අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වර්ඩ්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පෞද්ගලික සහ දේශපාලන යන හේතු දෙක මත මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මෙහෙයවීමෙ සඳහා නව නායකයෙකු හොඳ සේවයක් ඉටු කරනු ඇති බවද මෙහිදී ලියෝ වර්ඩ්කාර් ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න