- අගමැතිනිය සහ IMF විධායක අධ්‍යක්ෂක අතර හමුවක්
- ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
- අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට
- ඔස්ට්‍රෙලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- රුපියල් 36,000 ක් අල්ලස් ගත් තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56කට හිරේ
- සමන් දේවාලයේ නිලවරණය වළකා අතුරු නියෝගයක්
- 2025 වසරට විදේශ රැකියා 340,000ක ප්‍රමාණයක්
- වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයට නව සභාපතිවරයෙක්
Author: Kesara Athipola
අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. දීඝවාපි ස්ථුපය සහ නීලගිරි මහා සෑය පුදබිම් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය, එම ඉදිකිරීම් කඩිනම් මෙන්ම ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්‍ෂණික උපදෙස් ලබාදීම, දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.
සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් හා සම්භන්ධීකරණයෙන් මෙරටට ගෙන එන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම ඊයේ (21) වත්තල Colombo Logistics ආයතනයේ දී සිදුවිය. මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දීමට සැලසුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 4731 කි. එක් ඇදක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධිකය. ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ඉල්ලීමකට අනූව කැනඩාවේ පදිංචි ප්‍රැට්ට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතා ඇතුලු පවුලේ අය විසින් මෙම අති…
ලෝක කාළගුණ විද්‍යා දිනය ඊයේ දිනට යෙදී තිබූ අතර ලෝක කාලගුණ විද්‍යා දින සැමරුම් උත්සවය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවැත්විණ. එහි දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ලොවම අවධානය යොමු කර ඇති දේශගුණික විපර්යාස ප්‍රතිපල අද අපි විදිමින් සිටින බවයි.
එළැඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා පැවසීය. ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර…
ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කර ගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ පැවති සාකච්ඡාවල දී ඉහත පුරප්පාඩු පිළිබඳව අනාවරණය වූ බවත් එම රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතා ඇති කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව සොයා බැලීම සහ එයට අදාළ තවත් එකඟතා කිහිපයක් එරට බලධාරීන් සමඟ ඇති කරගැනීම සඳහා ඊශ්‍රායලයේ නිල සංචාරයක යෙදෙන කම්කරු හා විදේශ රැකියා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක පමණ මුල්‍ය පහසුකමක් හිමිවන බවද ඒ මහතා සඳහන් කළේය. පීටර් බෘවර් මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට හිමිවූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. ඒ අනුව පන්දුවට පහර දෙන ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 6ක් පමණක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටිනවා.
පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුව තිබේ. එහිදී ජනාධිපතිවරණය මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222