Author: Kesara Athipola

උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල එකොළොස් වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර තිබෙනවා. ඒ, එම වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිට වී ඇති බවට තහවුරු වීමත් සමගයි. ප්‍රශ්න පත්‍රය පිටවීමත් සමග උතුරු මැද පළාතේ පාසල්වල ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් වාර විභාගය කල්දැමීමටද කටයුතු කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසා තිබුණා. මීට පෙර පැවැත්වුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සිදුවූයේද උතුරුමැද පළාතෙන් වීම විශේෂත්වයක්. ඒ අනුව ඊයේ පෙරවරුව වන විට කලාප අටක කොට්ඨාස තිහකට අයත් පාසල් හයසියයකට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න…

තව කියවන්​න

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට අදාළ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් රජය විසින් ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකට අනුවයි. මේ අනුව තානාපති කාර්යාල 07 ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල ඇතුළු මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික සහ මරණ සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත…

තව කියවන්​න

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ – කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතික ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසයි. එමෙන්ම විමර්ශනවලට අවශ්‍ය ඉදිරි නියෝග තිබේ නම් එම නියෝග අධිකරණය වෙතින් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ…

තව කියවන්​න

2024 වසරේ ජනවාරි මස 01 දින සිට දෙසැම්බර් මස 31 දින දක්වා ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් 20, 53, 465 (විසි ලක්ෂ පනස් තුන් දහස් හාර සිය හැට පහක්) දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . එසේ මෙරටට පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් එනම් 416,974 ක් ඉන්දියාවේ සිට පැමිණ තිබුණි. ඊට අමතරව පිළිවෙළින් රුසියාවෙන් 201,920 ක් ද, එක්සත් රාජධානියෙන් 178,339 ක් ද, ජර්මනියෙන් 136,084 ක් සහ චීනයෙන් 131,681 ක් වශයෙන් ඉහත රටවලින් ද ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබුණි.

තව කියවන්​න

මෙරට පොල් නිෂ්පාදනය පසුගිය වසරේ මුල්මාස දහය තුල දි සියයට 7.5කින් පහත වැටි ඇති තිබෙනවා. ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කර ඇති වාර්තාවක දැක්වෙන්නේ සංඛ්‍යාත්මකව පොල්ගෙඩි මිලියන 197 යි දශම 4කින් පොල් නිෂ්පාදනය පසුගිය වසරේ පහත වැටි ඇති බවයි . 2023 වසරේ මුල් මාස දහය තුල මෙරට පොල් නිෂ්පාදනය පොල්ගොඩි මිලියන 2,649 ක් ලෙස දැක්වෙනවා. එම වාර්තාවට අනුව 2024 වර්ෂයේ අදාළ කාලසිමාව තුලදි මෙරට පොල් නිෂ්පාදය පොල්ගෙඩි මිලියන 2,451ක් වනවා.

තව කියවන්​න

ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී නැව් සේවාව අද සිට යළි ක්‍රියාත්මක කරන බව සිව ගංගී නැව් සමාගම නිවේදනය කළා. පසුගිය වසරේ ආරම්භ වූ මෙම නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමටයි එම නැව් සමාගම කටයුතු කලේ . අද දිනයේදී නැවත ඇරඹෙන මෙම මගී නැව් සේවාව සඳහා මගීන්ට ආසන වෙන්කරවා ගැනීම සඳහා සතියකට පෙර අවස්ථාව ලබා දී තිබුණා. එමෙන්ම ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරය දක්වා ගමන් කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 35,000ක මුදලක් අය කරනු ලබනවා. ඉරිදා දින හැර සතියේ සෙසු සියලුම දිනයන්හි මගී ගමනාගමනය සිදුකිරීමටද බලාපොරොත්තු වන බවයි එම නැව් සමාගම වැඩිදුරටත්…

තව කියවන්​න

ශ්‍රී ලංකා පොලීසිය විසින් ඊ ට්‍රැෆික් නම් ජංගම දුරකථන යෙදුමක් හඳුන්වා දී තිබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව මෙම ජංගම දුරකථන යෙදුම හඳුන්වා දුන් බවයි පොලිසිය සදහන් කලේ. අදාළ ජංගම දුරකථන යෙදවුම පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දෙනු ලැබුවා. මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීමේ හැකියාව පවතිනවා. එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇති.…

තව කියවන්​න

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිලල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීමෙන් තුවාල සිදු වූ 11 දෙනෙකු තවමත් මාතර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසනවා. මෙම අනතුරෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් රැඳවියෙකු මියගියා. ඊයේ රාත්‍රි 10.14 ට පමණ සිදු වූ අදාළ අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 34 ක් වූ මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පැවසුවේ රැඳවියන් රඳවා තිබූ ඨ හා ත්‍ යන වාට්ටු මතට ඒ ආසන්නයේ තිබූ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් අදාළ අනතුර සිදුවූ බවයි.

තව කියවන්​න

ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ ලබා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කරනු ලැබුවා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, නවසීලන්තය ලකුණු 07කින් පරාජයට පත් කරමින්. අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 218ක් රැස් කරගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 219 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 212 ක් රැස් කර ගත්තා. ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කෙසේ වෙතත් මීට පෙර පැවති තරග දෙකම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්…

තව කියවන්​න