Author: Kesara Athipola
සෙනගාලයේ දේශපාලන අර්බුදයෙන් පසු ඡන්ද දායකයන් විසින් නව ජනාධිපතිවරයෙකු තෝරාගෙන තිබෙනවා. ඒ අනුව මැක් සොල් ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙවර ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් 17 දෙනෙකකු ඉදිරිපත්ව තිබුණා. ජනාධිපතිවරණය පසුගිය මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණද ජනතාව අතර පැවති නොසන්සුන්තාව හේතුවෙන් ජනාධිපතිවරණය කල් දැමීම සිදු කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ඊයේ නිමා වුණේ තරගය ජය ගැනීම පිළිබද සියලු බලාපොරොත්තු ශ්‍රී ලංකාවට හිමි කර කර දෙමින්. දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 464 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 5 ක් දවා ගත යුතුයි. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා. ඔහුගේ පන්දුවක් හමුවේ…
2024 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු හයක තියුණු හා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ප්‍රේක්ෂකයින් 80,000 කට අධික පිරිසක් ඉදිරියේ අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.
කිසිම පුද්ගලයෙකු දේශපාලකයින්ට බියෙන් කටයුතු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පවසනවා . ජාතික ජනබලවේගයේ සියලු දෙනාම කැපවී සිටින්නේ ජනතාව වෙනුවෙන් බවයි ජනරැලියක් අමතමින් ඒ මහතා කියාසිටියේ .
ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ කවට ප්‍රකාශ සිදු කරන පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා . ජනතාවට මුසාවන් පවසා රැවටිය නොහැකි බවටයි ජනරැලියක් අමතමින් ඇය කියාසිටියේ.
අද සිට පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. උදෑසන 7.30 ත් 8.30 ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබාදීමට තීරණය කර ඇත්තේ පෝෂණවේදීන්ගේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්. ඊට රජය වැය කරන මුදල රුපියල් බිලියන 16.6ක් වන අතර, එම ආහාර වේල පෝෂණීය හා සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා 100ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6ක් මෙවර පාසල් ආහාර වැඩසටහනේ ප්‍රතිලාභීන් වන බව සඳහන්. මේ සඳහා…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගන්නා බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. අධිකරණයකින් නියෝග කරන්නේ නම් හෝ විමසන්නේ නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හා වගකිවයුතු සියලු දෙනා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන්කර සිටියා. අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ ඔහු අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීයි මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා අද දින චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා . චීන අග්‍රාමාත්‍ය ලී කිඉයාන් මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වනු ඇති . අග්‍රාමාත්‍යවරයා මාර්තු 25වනදා සිට 30 වනදා දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා . එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අතර විශේෂ හමුවක් ද පැවැත්වීමට නියමිතයි .
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින තම 75 වන ජන්ම දිනය සමරයි. 1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ මහත්මියට දාව පවුලේ දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන අතර එතුමා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය. එමෙන්ම ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා වේ. රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයා වේ. ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222