Author: Kesara Athipola
ප්‍රවිණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කදනාරච්චි මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සදහන්. මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා. ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ වැනි රසික හදවත් පිනවූ ගීත බොහොමයක් චන්ද්‍රකුමාර කදනාරච්චි මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණා.
කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරය තුළ සිසුවෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ආචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. එහි උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කියා සිටියේ අදාළ සිසුවා කඩිනමින් රෝහල්ගත කිරීමට නේවාසිකාරයේ පරිපාලන නිලධාරියා කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළ බවට සිසුන් එල්ල කරන චෝදනා සළකා බලා මෙම කමිටුව පත් කළ බවයි. ඊයේ අලුයම මෙම සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබුණා.
“අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා බය නැතුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සත්‍ය තොරතුරු අපට ලබා දෙන ලෙස තොරතුරු ලබා දෙන ඔබ හදුනාගත නොහැකි වන ලෙස සී.එල්.අයි. පහසුකම් නැති දුරකතන අංක ඔබට අපි දැන් හඳුන්වා තිබෙනවා. එවිට දුරකතන ඇමතුම ලබා දෙන්නේ කවුද කියල හදුනා ගන්න බැරි වෙනවා. අපි එහෙම කළෙ ඔබේ විශ්වාසය තහවුරු කරගන්නයි. රටේ විවිධ පුද්ගලයින්ගෙන්, විවිධ කණ්ඩායම්වලින් විවිධ ආකාරයේ බලපෑම් එල්ල කරනවා මේ මෙහෙයුම නැවැත්වීමට. නමුත් අපි හැමෝටම කියනවා මත්ද්‍රව්‍ය ජාවාරම තුරන්කර මිසක් යුක්තිය මෙහෙයුම නවත්වන්නේ නැතැයි”, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය. රත්නපුර සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස දෙකේ පොලිස් ස්ථානවල ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් දැනුවත් කරමින් කුරුවිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන්…
වසර 2024 අය-වැයෙන් රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රුපියල් 10,000ක දීමනාවෙන් ඉතිරි රුපියල් 5000 අප්‍රේල් මාසයේ වැටුප සමඟ ලබා දෙන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. මාර්තු මාසයේ වැටුප ගෙවීමෙන් අනතුරුව සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප ද එම මාසයේ 10 වැනි දිනට පෙර ගෙවීමට සූදානම් බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි. එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28කට නොමිලේ සහල් කිලෝ 10 බැගින් ලබා දීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කීවේය.
දකුණු පළාතේත්, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. එම අගයන් පිළිවෙලින් සියයට 8.50 සහ සියයට 9.50 දක්වා පහත දැමීමටයි කටයුතු කර ඇත්තේ.
මාතලේ, ලග්ගල, විල්ගමුව පොලිස් ස්ථානයේ රාත්‍රී ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ T-56 වර්ගයේ ගිනි අවිය පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි. මෙලෙස අද (26) අලුයම දෙකට පමණ පිරිසක් පැමිණ ඔහුගේ ගිනි අවිය පැහැර ගෙන ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුවෙහි ආරක්ෂක කටයුතු වල නිරතවෙමින් සිටියදී බවද සඳහන්. ඉදිරි පාස්කු සතිය ඉලක්ක කර ගනිමින් රට තුළ යම්කිසි සිදුවීමක් ක්‍රියාත්මක කිරීම සඳහා හෝ පාතාල කණ්ඩායම් අතර මේ දිනවල පවතින ගැටුම් සඳහා භාවිතා කිරීමට සංවිධානාත්මක පිරිසක් විසින් මෙම ගිනි අවිය පැහැරගත්තේද යන්න පිළිබඳව මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් ගිනි අවිය පැහැර…
2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්‍යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි. එම අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06 දින ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන අතර ජනාධිපතී රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වීමට නියමිතය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් ද ඊට සහභාගිවීමට නියමිතයි. අලුත් සහල් මංගල්‍යය සඳහා ගොවි ජනතාව විසින් පරිත්‍යාග කරන 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත් අලුත් සහල් බාරගැනීම මෙම දිනවල…
වසර 600 කට වඩා පැරණි ත්‍රිකුණාමලය වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්‍යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කෝවිල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.කෝවිල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වන බවත්, කෝවිල ගංවතුරට යටවන ස්ථානයේ ආරක්ෂක බැම්මක් සැකසීම සඳහා ඉන්දීය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එසේම කෝවිලේ ඇති පැරණි දේව රූප පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ ඊයේ (මාර්තු 25) චීනයේ බීජිං නුවරට පැමිණියේය. විදේශ කටයුතු විධායක උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් එහිදී අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබීය. චීනයේ ප්‍රමුඛතම වාර්ෂික ජාත්‍යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන රජයෙන් කෙරුණු ආරාධනාවක් අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගියදා (24) සවස චීනයේ බීජිං නුවර බලා පිටත්ව ගියේය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222