Author: Kesara Athipola
වසර 200 කට වැඩි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පාරම්පරික පවුලකින් පැවත එන සිද්ධාලේප සමූහ ව්‍යාපාරය පසුගියදා පැවති දේශීය වෛද්‍ය රන් සම්මාන උලෙළෙදී සම්මාන 4 කට පාත්‍ර වී තිබෙනවා. එහිදි වසරේ දේශීය ව්‍යවසායකත්වයට හිමි රන් සම්මානය ද, වසරේ හොදම ආයුර්වේද නිෂ්පාදනයට හිමි රන් සම්මානය සහ වසරේ හොදම දේශීය ඖෂධ සදහා වූ රෝහලට හිමි රන් සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා. එමෙන්ම වසරේ හොඳම සුවතා සේවා සපයන්නාට හිමි රිදී සම්මානය ද සිද්ධාලේප සමූහ ව්‍යාපාරය විසින් හිමිකරගනු ලැබුවා. ආයුර්වේද වෛද්‍ය පරම්පරාවකින් පැවත එන වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතා විසින් 1934 වසරේදී සිද්ධාලේප ව්‍යාපාරය ආරම්භ කළා. විශේෂඥ වෛද්‍ය හෙන්රික් ද සිල්වා හෙට්ටිගොඩ මහතාගෙන්…
සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට අවම වශයෙන් තවත් සතියක පමණ කාලයක් ගත වන තුරු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ, ඔහුගේ වම් පාදයේ විලුඹ ප්‍රදේශයේ පවතින ආබාධයක් මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති වීම හේතුවෙන්. ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස් ගත වීමට නියමිතව ඇති බව ද සදහන්. මෙම මාසයේ පැවැති බංග්ලාදේශයට එරෙහි සීමිත පන්දුවාර තරග සදහා හසරංග ක්‍රීඩා කළ නමුත්, ඔහු මෙම ආබාධය හේතුවෙන් සැලකිය යුතු වේදනාවක් සහිතව එම තරග සදහා ක්‍රීඩා කර ඇති බවයි වාර්තා…
එළඹෙන උත්සව සමය මූලික කරගනිමින් දිවයිනම ආවරණය වන පරිදි වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ සේවයට යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම මේ දක්වා සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා. උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ අද (26) වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් 16 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් 3178 පමණ තොගයක්, ඩිංගි යාත්‍රා 5ක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 52 ත් අතර වයසේ පසුවන මුලංකාවිල්, වීරවිල් සහ නච්චිකුඩා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්…
ඉන්දියානු ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම විදේශ විනිමය සංචිතය අගය සහ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින් මේ වසරට අදාල ඉහළම වර්ධන අනුපාතය ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව, මාර්තු මාසය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 642.49ක දක්වා වර්ධනය වී තිබෙනවා. එමෙන්ම, මාර්තු 15න් අවසන් වන සතිය තුළ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 6.4කින් පමණ ඉහළ ගොස් ඇති බව සහ ඉන්දියානු ආර්ථිකය මේ වසරේ දී 7.6%කින් පමණ වර්ධනය වනු ඇති බවට මේ වන විට ගණන් බලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුසිලය කළ යෝජනාව පළමුවරට සම්මත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මීට පෙර අවස්ථා තුනකදීම නිෂේධ බලය භාවිත කරමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායලයේ සමීපතම මිතුරු රාජ්‍යය වන අමෙරිකාව මෙවර පක්ෂව ඡන්දය දීමෙන් හෝ නිෂේධ බලය භාවිත කිරීමෙන් වැළකී සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
තරුණ පරපුර අතර විවාහ සහ දික්කසාද කළමනාකරණය පිළිබඳ අභියෝගයකට චීනය මුහුණදෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. වසර 90කට වඩා දීර්ඝ කාලයක් චීනයේ පැවැති විවාහ සම්බන්ධ නීතිරෙගුලාසි පසුගිය වසරේ ලිහිල් කිරීමත් සමග 2022 වසරේදී 845,000ක් ලෙස වාර්තා වූ තරුණ පරපුර අතර විවාහයන් මිලියන 7.68ක් වර්ධනය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නමුත් එම වසරේදීම කිසිඳු නීතීමය පියවරකින් තොරවම අඹුසැමියන් මිලියන 2.59ක් දික්කසාද වී ඇතැයි ද වාර්තා වේ.
මොස්කව් නුවර ප්‍රහාරය පසුපස රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායමක් සිටින බව රුසියානු ජනාධීපති ව්ලැදිමිර් පුටින් පළමුවරට ප්‍රකාශ කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. කෙසේවෙතත් එම ප්‍රහාරයට යුක්රේනයේ යම් කිසි සම්බන්ධයක් ඇතැයි ද ඔහු තවදුරටත් විශ්වාසය පළ කර ඇති බවද වාර්තා කර තිබේ. මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි හෝල්‘ ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මේ වන විට පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222