- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: Kesara Athipola
ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය දැක්වුණේ මිලිමීටර් 162 යි දශම 5 ක් ලෙසයි. ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිටට මිලිමීටර් 112 යි දශම 5 ක වර්ෂාපතනය් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111 යි දශම 5 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නෙළුව ප්‍රදේශයට මිලිමීටර් 109 ක වර්ෂාපතනයක් ඇතිව තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචා සිදුකර ඇති බව අනාවරණ වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29ක්, චීන ජාතික කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවන් සිව් දෙනෙකු සිට තිබෙනවා. ඔවුන් සන්තකයේ…
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක බද්ද රුපියල් 60 ක් දක්වා රුපියල් 10 කින් ඉහළ නංවා ඇති බවයි කෘෂි කර්ම අමාත්‍යාංශය සදහන් කළේ. මීට පෙර ලොකු ළුෑණු සදහා රුපියල් 10 ක ආනයන බද්දක් පැවති අතර එය රුපියල් 30 ක් දක්වා ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ සදහන් කළේ, සිය අමාත්‍යාංශය මගින් ලොකු ළුෑණු ආනයන බද්ද රුපියල් 40 කින් ඉහළ නැංවීමට නිර්දේශ කළ බවයි. කෙසේ වෙතත් වෙළද අමාත්‍යාංශය මගින් එය රුපියල් 20 ක්…
පසුගිය දින කිහිපය තුළ පහළගොස් තිබූ බිත්තර මිල යළි ඉහළ යමින් පවතින බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්රිදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30ක ටත් අඩු මිලකටයි.
වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්ර කාශ කළේ. පසුගිය කාලසීමාවේ දී පොල් ගෙඩියක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වුණා.
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර Dubai හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඊයේ දිනයේ සාමාන්‍ය වැසියන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඒ සමගයි ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වෙන ලෙස දැනුම් දී ඇත්තේ. එමෙන්ම එම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට මේ වනවිට සූදානම්ව සිටින බවද සඳහන්. ඊශ්‍රායලයේ එම නියෝගයත් සමග ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ රැදී සිටින දහස් ගණනක් අවතැන් ජනතාව තවත් පීඩාවට ලක්ව ඇති බව සහන කණ්ඩායම් නිවේදනය කරනවා. අවතැන් ජනතාව හේතුවෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ යාම මේ සමග සිදුවිය හැකි බවට ද…
අද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ. බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවද සඳහන්. ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු…
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම අදින් ආරම්භ වනවා. ඒ සඳහා සංගණන නිලධාරීන් අද සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ. පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
සොරුන් අල්ලන වැඩ පිළිවෙල කඩිනමින් සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ දී මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222