Author: Kesara Athipola

මත් පැන් මිල අඩු කිරීම සඳහා සුරා බදු අඩු කිරීමට කටයුතු කරන බවට පළ වන වාර්තා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් සුරාබදු දෙපාර්තෙමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ.

තව කියවන්​න

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වසර 2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ. කලා භවන සම්බන්ධයෙන් කලාකරුවන් හා වාස්තු විද්‍යාඥයන් අතර ඇති වී තිබෙන විසංවාදී අදහස්වලට සවන් දුන් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. කෙසේ හෝ සියලු පාර්ශ්ව සමඟ එකගත්වයක්…

තව කියවන්​න

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියාත්මක කරන සුවිශේෂී වැඩසටහනක් වන “හරිත නායක” (Green Leader) වැඩසටහනේ සමාරම්භක උළෙල ඊයේ (26) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ශ්‍රවණාගාරයේ දී පැවැත් විය. පරිසර සාක්ෂරතාව වැඩි දියුණු කිරීම මෙන්ම පාසල් පරිසර නියමු වැඩසටහන් සහ අනෙකුත් පාරිසරික වැඩසටහන් පාසල් පරිශ්‍රයේ සක්‍රීයව ක්‍රියාත්මක කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙරට විද්‍යාපීඨ 19 තුළ විද්‍යාපීඨ ශික්ෂණලාභීන් (ගුරු සිසු සිසුවියන්) වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන හරිත නායක වැඩසටහන විද්‍යාපීඨ විෂය නිර්දේශයට සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත. විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ වසර තුනක අධ්‍යයන කාලය තුළ ව්‍යුහගත ක්‍රමවේදයක් සහිතව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ දී වසර තුන…

තව කියවන්​න

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දමන බවට විපක්ෂය නඟන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ නියමිත පරිදි නිසි වේලාවට පවත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. විපක්ෂයේ කණ්ඩායම්වලට සටන් පාඨ නොමැති නිසා ආණ්ඩුව මැතිවරණ කල්දමන බවට සාවද්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටින බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා මැතිවරණවලට ශක්තිමත්ව මුහුණ දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමට ශක්තිය තිබෙන බව ද සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති…

තව කියවන්​න

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත් මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල” ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි. මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්, ශල්‍යාගාර 6කින්, හදිසි…

තව කියවන්​න

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා සම්බන්ධ වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පෞද්ගලික හේතුවක් මත යළි ඕස්ටේ‍රලියාව බලා පිටත්ව යාමට තීරණය කර ඇති බැවින්. ඔහු යළි බංග්ලාදේශයට පැමිණෙන දිනයක් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් තහවුරු කර නැහැ.

තව කියවන්​න

වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති සමාජිකයින් සමග පැවති සාකච්ඡාව අතරතුරදීය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතවරයා කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

කුඩු, ගංජා, පාතාලය අවසන් කිරීමේ යුක්තිය මෙහයුම සමග මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති කසිප්පු සහ ස්පා හෙවත් සම්භාහන මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන මුදලට කාන්තාවන් අලවිකරණ ස්ථාන වැටලීමේ ක්‍රියාන්විතය නතර කිරීම සඳහා එම ජාවාරම්කරුවන් දේශපාලන සම්බන්ධතා යොදාගනිමින් බලපෑම් කිරීමට සංවිධානය වෙමින් සිටින බව යුක්ති ගරුක සමාජයක් අපේක්ෂාවෙන් සිටින ජනතාව පවසනවා. මීගමුව නගරයේ පමණක් නිත්‍යානුකුල නොවන සම්භාහන ආයතන සිය ගණනක් තිබෙන අතර කටාන, දිවුලපිටිය, කොච්චිකඩේ, සිදුව, කටුනායක, බඩල්ගම ඇතුළු මිගමුව පොලිස් කොට්ඨායේ අනෙකුත් බලප්‍රදේශ වලද මෙවැනි සම්භාහන ආයතන ප්‍රසිද්ධියේ පවත්වාගෙනයන අතර මේවාට එරෙහිව ආගමික නායකයන් සහ ප්‍රදේශවාසී ජනතාව අවස්ථා ගණනාවකදී විරෝධතා පවත්වා තිබෙනවා. මෙම සම්භාහන ආයතන…

තව කියවන්​න

රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකර ක්‍රිකට් පිටියක් නුදුරේ දී කෑගල්ල හා රත්නපුර ක්‍රීඩකයන් වෙත ලබාදීමට සුදානම් බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉහළ නිළධාරින් විසින් සදහන් කර ඇත. රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ විධායක කමිටුවේ ඉල්ලිමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදී ඇති මෙහි ජාතික මට්ටමේ තරග, අවුරුදු 19 යෙන් පහළ මෙන්ම ජාත්‍යන්තර කාන්තා තරග සදහා සුදුසු වන පරිදි මෙම ක්‍රීඩාංගණය ඉතා ඉක්මනින් ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට සුදානම් කර ඇති බව සඳහන්වේ.

තව කියවන්​න