- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Kesara Athipola
කොහුවල සහ ඒ අවට ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස 2021 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද කොහුවල ගුවන් පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා එක්විය. කොවිඩ් අර්බුදය සහ ඉන් අනතුරුව රටක තුළ උද්ගත වූ තත්ත්වය හේතුවෙන් 2022 වසරෙදි එහි ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීමට සිදුවු අතර ඒ වන විට සම්පූර්ණ පාලමේ ඉදිකිරීම්වලින් විශාල ප්‍රතිශතයක් වැඩ අවසන් කොට තිබුණත් හංගේරියානු රජයේ ණය ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට ලැබිය යුතු මුදල් නවතා දමා තිබිණ. දිගින් මීටර් 300ක් සහ පළලින් මීටර් 9.2 වන මෙම පාලමේ ඉදිකිරීම් එහි දේශීය කොන්ත්‍රාත් සමාගමේ අරමුදල් මත…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි. මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා තිබේ. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ අභියෝගාත්මක…
ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය. පාසල තුළදීම ව්‍යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට විශාල රුකුලක් සපයන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමුන් සයිබර් අවකාශය තුළ හිංසනයට ලක්වීම වර්තමානයේ විශාල ගැටළුවක්ව පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් (Internet Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the…
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් අළු බදාදායින් ඇරඹුනු චතාරික සමය දින 40ක් පුරා ක්‍රියාත්මක අතර නිරාහාර ශිලය, දාන මාන සහ ගොඩමස් කැමෙන් වැළකී කිතුසමිදානන්ගේ කුරුස ගමන අද සිහිපත් කෙරෙනු ඇති. අදාළ දින 40 තුළ පාද නමස්කාරය ඇතුළු ආගමික වතාවත් වල යෙදෙමින් කිතුනුවන් ජේසුස් වහන්සේගේ දිවි පිදිමේ යාගය සිහිපත් කරමින් තම ඉල්ලීම් යොමු කිරිම කිතුනුවන්ගේ සිරිතක්. දෙව් පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදාගැනිම වෙනුවෙන් සිය දිවිපිදිම කිතුණු බැතිමතුන් සමරන්නේ දුක් ප්‍රාප්ති දේව මෙහෙයවන්වලට එක්වෙමින් සිදුකරනු ලබනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත…
විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ දෙවන හමුව ඊයේ (26) පැවැත්විණ. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි. පදනම් ආයතනයේ පැවති මෙම දැනුවත් කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාතේ සේවය කරන නිලධාරීන් සහභාගී විය.
රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳ නවතම දත්ත ඇතුලත් වාර්තාවක් නිකුත් කර තිබේ. එම නිකුත් වූ සටහන පහත දැක්වේ.
රට තුළ ගම්මාන 85ක් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැඹිලි වගා ආදර්ශ ගම්මානය ලෙස හෝමාගම, දාම්පේ ප්‍රදේශය තෝරාගෙන ඇති. මෙම ගම්මාන 85 සදහා තැඹිලි පැළ 50,000ක් බෙදාදීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222