Author: Kesara Athipola

චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහ උපායමාර්ගික විද්වතුන් නියෝජනය කරන පිරිසක් අතර හමුවක් බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේ දී පසුගියදා (27) පවත්වා තිබේ. ෂී ජින් පිං එහිදී පෙන්වා දුන්නේ, චීන-ඇමරිකානු සබඳතා ලොව වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාවලින් එකක් වන බවයි. චීන-ඇමරිකානු සබඳතාවන් හි ඉතිහාසය යනු දෙරට ජනතාවගේ මිත්‍රශීලී හුවමාරු පිළිබඳ ඉතිහාසයකි. එසේම, එම අතීත කතාව ජනතාව විසින් ලියනු ලැබ ඇති අතර, අනාගතය නිර්මාණය කළ යුත්තේ ද ජනතාව විසින් බවද ඔහු පවසා තිබේ.

තව කියවන්​න

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරන ලදී. ඔහු මේ බව සදහන් කලේ ඊයේ (28) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත්, ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත්, වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීම අවශ්‍යය නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී. එළඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟයකින්…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහා කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ආරාධනයෙන් නිදහස් සමරු උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා ඇතුළු රජයේ සුබපැතුම් පිරිනමින් එහි ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත…

තව කියවන්​න

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දාම්පෙ තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම තැඹිලි නිෂ්පාදන ගම්මානය ආරම්භ කර තිබේ. දිවයිනේ ගම්මාන 85ක් අපනයනය ඉලක්ක කරමින් තැඹිලි වගා ආදර්ශ ගම්මාන ලෙස තැඹිලි වගා කිරීම සඳහා තෝරාගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථම තැඹිලි නිෂ්පාදන ගම්මානය ලෙස මෙම ක්‍රියා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ හෝමාගම දාම්පේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමිනි. මේ යටතේ අපනයනය ඉලක්ක කරගත් ප්‍රමිතියෙන් යුතු තැඹිලි වගාවක් ලෙස…

තව කියවන්​න

පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2971ක මුදලක් උපයන ලදැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල් මිලියන 2401ක ආදායමක් උපයා තිබේ. මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971කි. අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක් ඉහළ ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින්…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අප්‍රේල් 1 සහ 2 දෙදින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත. මේ අනුව අප්‍රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 සිට ප.ව. 4.30 දක්වා, 2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ. (මීට අදාළ යෝජනාව 2024.04.01 දිනට නියමිත අංක 14 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත්ව ඇත) ඉන්පසු ප.ව. 4.30ට පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත්…

තව කියවන්​න

පාස්කු පාහාරය සම්බන්ධයෙන් අප්‍රේල් මස හතරවනදා අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමට අනුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබා දුන් ප්‍රකාශය පිළිබද නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී පසුගියදා ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව එම ප්‍රකාශය මත පදනම්ව ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ද සටහන් කරගනු ලැබුවා.

තව කියවන්​න

රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට වසර 4ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි. අදාළ පොලිස් සැරයන්වරයා ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500ක අල්ලස් මුදලක් ලබා ගත් බවට අධිකරණයේදී වරදකරු බවට පත්ව තිබෙනවා. රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටිමට එම පොලිස් සැරයන්වරයා අල්ලස් මුදල ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අදාළ පොලිස් සැරයන්වරයාට එරෙහිව චෝදනා 4ක් යටතේ කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව එම එක් චෝදනාවකට වසරක් බැගින් වසර 4ක සිරදඩුවම් නියම කර ඇති අතර එම සිර දඩුවම එකවර ගෙවී යා යුතු බවට මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ප්‍රසන්න…

තව කියවන්​න