Author: Kesara Athipola

වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ පූජ්‍ය ගලබඩ අත්තේ ඥාණසාර හිමියන්ට ඇප ලබාගැනීම සදහා අභියාචනයක් ඉදිරිපත් කළ බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. එම අභියාචනය එළඹන සඳුදා දිනයේදී විභාගයට ගනු ඇති බවට විශ්වාස කරන බවයි උන්වහන්සේ සදහන් කළේ. 2016 වසරේදි කොළඹ පැවති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිදියාවට හානියක් සිදු කිරීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන්ට මෙලෙස සිරදඩුවම් නියම වුණා.

තව කියවන්​න

මෙරටට ගෙන්වන ලද භාණ්ඩ 20 ක් අතරෙන් භාණ්ඩ කිහිපයක විශාල ලාභයක් ව්‍යාපාරික ප්‍රජාව ලබාගන්නා බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. ඒ අනුව මෙම ක්‍රියාමාර්ගය වැළැක්වීම සදහා වහාම පියවරක් ගන්නා ලෙස එම සංගමයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව රාජ්‍ය නිලධාරින්ගේ සාධාරණ වැටුප් හා දීමනා වැඩිකිරීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළ බව එම සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා සදහන් කළා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග 2 ම ජයග්‍රහණය කරමින්. දෙවන ස්ථානයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමත් තෙවන ස්ථානයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමත් පසුවනවා. කොල්කටා නයිට්රයිඩර්ස්, පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලූරු යන කණ්ඩායම් පිළිවෙලින් සිව් වන, පස්වන සහ හයවන යන ස්ථානයන් හි පසුවනවා.

තව කියවන්​න

ජපානයේ රතු සහලින් නිෂ්පාදනය කරන ශක්තිජනක ආහාර අතිරේක වර්ග තුනක් වහාම රට පුරා පිහිටි ගබඩාවලින් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණවලින් ඉවත් කරන ලෙස එරට රජය විසින් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජපාන රජය මේ නියෝගය සිදු කර ඇත්තේ පසුගියදා එම ශක්තිජනක ආහාර අතිරේක ලබාගත් පුද්ගලයන් සිව්දෙනකු ජීවිතක්ෂයට පත්වීම සහ තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට සිදුවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මෙම වසරේ ගත වූ මාස 3 ක කාලය තුළ තත්වයෙන් බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ කාණ්ඩ 16 ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අනාවරණය සිදු කළා. එම ඖෂධ අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මගින් නිපදවන ඖෂධයක් ද මෙලෙස භාවිතයෙන් ඉවත් කර ඇති බවයි වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක්ට වේ. ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද වාර්තා වේ.

තව කියවන්​න