- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
- ප්‍රදේශ කිහිපයකට සුළු වැසි
- උතුරු පළාත් වෛද්‍ය පහසුකම් වැඩිදියුණුවට ජපන් සහයෝගය
- උතුරු කොරියාවෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර
- පාකිස්තානය මූල්‍ය අරමුදලට ස්තුති කරයි
- අසලංකගෙන් ශතකයක්
Author: Kesara Athipola
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්‍යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්‍යාපන විද්‍යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් දැනට ඌව සහ මධ්‍යම පළාතේ සිටින උපාධිධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ පළාත් බලධාරීන්ගෙන් තමා ඉල්ලා සිටි බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් ඇති ගුරු සහායකයින් පන්සියයක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබා දී…
රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ පසුගියදා (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ දී පැවැති “රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ” 43 වන වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි. විදේශීය ඉංජිනේරුවන්ට, නොදෙවෙනි ලෙස කුසලතා සහිත ඉංජිනේරුවන් අප රටේ සිටින බවත්, එසේ සිටිය දී අත්‍යවශ්‍ය තත්ත්වයක් හැරෙන්නට විදේශ ඉංජිනේරුවන් ගේ විශේෂඥ සේවය ලබාගැනීම වැදගත් නොමැති බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
දෙනියාය ප්‍රදේශයේ පාසලක සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදිම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ වැඩකටයුතු සදහා උණ ගසක් කැපීමට යාමේදී ඒ අසල තිබූ අධිබලැති විදුලි රැහැන් මගින් මෙම සිසුන් දෙදෙනාට විදුලි සැර වැදි තිබෙනවා. විදුලි සැර වැදුණු සිසුන් දෙදෙනා කඩිනමින් දෙනියාය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් සිසුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරු කර යැවිමට රෝහල් බලධාරින් කටයුතු කර ඇති බව සඳහන්.
8 වන විධායක ජනාධිපති ධුරයේ ආයු කාලය උපරිමයේ දින 194 කට සීමා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළකරමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳ නවතම දත්ත ඇතුලත් වාර්තාවක් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිකුත් වූ වාර්තාව පහත දැක්වේ.
සාගතයක් ඇතිවීම වැලැක්වීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබාදීමට ඉඩදිය යුතු බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානම අධිකරණය ඊශ්‍රායලයට නියෝග කර ඇත. හේග් හි පිහිටි ජාත්‍යන්තර අධිකරණය මගින් ඒකමතික තීරණයක් ලෙස එම නියෝගය නිකුත් කර තිබෙන අතර තමන් ගාසා තීරයට ආධාර යෑම වළක්වන බවට කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායලය පැවසීය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222