Author: Kesara Athipola

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳ පලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි. නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති…

තව කියවන්​න

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරුමැද, ඌවසහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

තව කියවන්​න

රුසියාවේ මොස්කව් නුවර ක්‍රෝකස් නගර ශාලාවට එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන 9 දෙනෙකු තජිකිස්තානයේ ජාතික ආරක්ෂක කමිටුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම මෙම පුද්ගලයින් අයි එස් අයි එස් සංවිධානය ට සම්බන්ධ බවට ද සැක පළ කෙරෙයි. තජිකිස්තානයේ වක්දාත් නම් නගරයේදී ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ව එරට අගනුවර වන දුෂාන්බේ වෙත රැගෙනවිත් ඇති බවද වාර්තා වේ.

තව කියවන්​න

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැඟුනු දිනයක යුක්තිය මෙහෙයුම නිම වන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. මෙහෙයුම් අතර මැද නවතා දැමුවහොත් නැවතත් තිබූ තත්ත්වයට පත් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් පොලිස්පතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇතැයි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සඳහන් කරයි. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කර තිබේ. ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බවත් සද්ධාතිස්ස හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

තව කියවන්​න

කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්‍යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණි. උගත් වියත් මහා යථිවරයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ ඉටුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රි කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වය විසින් මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිරිනමා තිබේ. ඊට අදාළ සන්නස්…

තව කියවන්​න