Author: Kesara Athipola

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලිත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දින ඩොලර් 87ක් ලෙස සටහන් වී තිබේ. එමෙන්ම ඇමරිකානු WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83.17ක් ලෙසයි.

තව කියවන්​න

සිංගප්පූරුවේ සිට පැමිණි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් වික්ටෝරියා අද අලුයම කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ. මෙම නෞකාවේ මගීන් 1812 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 964 දෙනෙකු ඇති අතර බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල සංචාරකයින් පිරිසක් මෙහි ගමන් කරයි. ඔවුන් අද ගාල්ල, මහනුවර සහ පින්නවල යන ස්ථානවල සංචාරය කිරීමට නියමිතයි.

තව කියවන්​න

දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් බාලාජි ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව තිබේ. 48 වියේ පසු වූ ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර එහිදී ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. පුංචි තිරයෙන් සිය රක්ගන දිවිය ආරම්භ කළ ඩැනියෙල් බාලාජි Vada Chennai, Bairavaa, Bangalore Underworld වැනි සුපිරි දමිළ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී තිබුණා.

තව කියවන්​න

එළඹෙන අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ඇමෙරිකාවේ නාසා ආයතනය සඳහන් කරනවා. මෙම සූර්යග්‍රහණය උතුරු ඇමෙරිකාවට හොඳින්ම දිස්වන අතර උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින්නට හැකි වනුයේ 2044 වර්ෂයේදී බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

තව කියවන්​න

යුක්තිය මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය ජාවරමේ ප්‍රධාන සැකකරුවෙක් වන මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී කුඩු සමග බඩල්ගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, හේන්පිටගෙදර, ගල් කන්ද, දූනගහ, කටුවැල්ලේගම, අලුතෑපොල යන ප්‍රදේශවලට කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය බෙදා ඇති බව බඩල්ගම පොලිසිය හමුවේ පාපොච්චාරනය කර ඇත. මරදගහමුල ලෝකේෂන් කුඩු මල්ලී ලෙස හඳුන්වන මෙම සැකකරු ළඟ තිබී කුඩු මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6120 ක් සොයා ගැනීමට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා බඩල්ගම පොලිසියට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

තව කියවන්​න

නෞකාවක් ගැටීමෙන් කඩාවටුනු ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60 මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එකිසත් ජනපද මුහුදු තීරයේ ඇති විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කළ දුමින්ද දිසානායක මහතා වෙනුවට මහියංගනය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන මහතා, භාණ්ඩාගාරික ධුරයෙන් ඉවත් කළ ලසන්ත අලගියවන්න මහතා වෙනුවට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා පත්කර ඇති බව වාර්තා වේ. එමෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාව ද අද එම ධුරයෙන් ඉවත් කෙරුණු අතර ඒ වෙනුවට මධ්‍යම පළාත් හිටපු මහ ඇමති සරත් ඒකනායක මහතාව පත් කර තිබේ. ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී අද පක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් සමග රැස් වූ අවස්ථාවේ මෙම තීරණ ගෙන ඇති බව වාර්තා…

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුවිශේෂි තනතුරු කිහිපයකින් දේෂපාලනඥයින් කිහිපදෙනෙකු ඉවත් කර තිබේ. ඒ අනුව ජාතික සංවිධායක ධූරයෙන් දුමින්ද දිසානායක මහතාව, භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න මහතා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරු වලින් ඉවත් කර තිබේ. ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී අද පක්ෂ විධායක සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් සමග රැස් වූ අවස්ථාවේ මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

තව කියවන්​න

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (30) දින පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මාරවිල, මරදවැල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි. විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය…

තව කියවන්​න