Author: Kesara Athipola

පසුගිය දිනක නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ‘ෆ්‍රැන්සිස් කොට් කී’ පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

තව කියවන්​න

වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරිම සදහා පැවැත් වු තරගයක් අතරතුරදි වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කල පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇත. මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙකි. පසුගිය 27 දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වු තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරිමට තරගයක් පවත්වා තිබේ. තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනෙකු ඉදිරිපත් වි ඇති අතර, ඒ සඳහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා තිබේ. එහිදී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා…

තව කියවන්​න

අලුත් අවුරුදු මාසය තුළ දේශීය බිත්තරයක් රුපියල් 35ට වඩා අඩු මිලකට ගෙන ඒමට හැකියාව පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කෙසේවෙතත් මේ වනවිට දේශීය වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 42- 48 දක්වා මිල ගණන යටතේ අලෙවි වනවා. අප්‍රේල් මාසය හෙවත් උත්සව සමයේ දී දේශීය කුකුළු බිත්තරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇතැයි ඇතැම් පාර්ශව සිදු කළ ප්‍රකාශ වලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

තව කියවන්​න

රාජ්‍ය නිලධාරීන් පිරිසකට විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ. පසුගියදා රැස් වූ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා මෙම දිරි දීමනාව ලබා දීමට අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් තනතුර සඳහා රුපියල් 15,000ක මුදලක් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) සහ ගණකාධිකාරී යන තනතුරු සඳහා රුපියල් 10,000ක මාසික දිරි දීමනාවක් මාර්තු මාසයේ සිට මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා මෙම දීමනාව ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

අද (01) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට අනුව බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනෙම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

තව කියවන්​න

යල් පැන ගිය චිත්‍රපට සංස්ථාව නවීන තාක්ෂණය සමඟ පරිවර්තනයකට ලක් කරමින් එය මෙරට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සංවර්ධන ආයතනයක් ලෙස ගොඩනඟන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සමඟම කලා ශිල්පීන් සහ නිර්මාණවේදීන් නවීන තාක්ෂණ දැනුමෙන් සවිබල ගැන්වීම සඳහා විදෙස් පුහුණු අවස්ථා සලසා දෙන බවද පැවසු ජනාධිපතිවරයා නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කලාව ද සූදානම් කළ යුතු බව පෙන්වා දුන්නේය. කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය අද ලෝක චිත්‍රපට කලාවට එක්වී තිබෙන අතර ඒ සමඟ ඉදිරියට යමින් ශ්‍රී ලංකාවේ ද පළමු AI චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ…

තව කියවන්​න

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්‍රණය, පසුගියදා (28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්‍රාමාත්‍යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ චීන ආශ්චර්යවත් සාර්ථකත්වයේ කතාව” පැසසුමට ලක් කළේය. දිළිඳුකමේ ගැටලුවට මුහුණ දෙන අනෙකුත් රටවල් සඳහා එම සංකල්පය තව දුරටත් මාර්ගයක් වන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය. කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එමඟින් දිළිඳුකම තුරන් කිරීම…

තව කියවන්​න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28දා නවදිල්ලි නුවරදී පවත්වා තිබේ. මෙහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් සාගල රත්නායක මහතා ඇතුළු කණ්ඩායම සාදරයෙන් පිළිගත් අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය නැවතත් ධනාත්මක මට්ටමකට පැමිණෙමින් තිබෙන බැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගික ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවද පෙන්වා දී ඇත. එමෙන්ම බිඳ වැටුණු ශ්‍රී ලංකා…

තව කියවන්​න

බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබළුන්ට රැවුල වැවී­ම සඳහා අව­සර හිමිව තිබෙනවා. ඒ වසර ගණානාවක සිට සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව සෙබ­ළුන්ට සහ නිල­ධා­රීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවී­මට අව­සර ලැබෙන අතර රැවුල නිසි ලෙස පිළි­වෙ­ළ­කට සකස් කර තිබේ­දැයි දින­පතා පරික්ෂා කිරී­මට නිය­මිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

තව කියවන්​න