Author: Kesara Athipola

රටේ පැවති ආර්ථික අර්බුදය විසඳීම සඳහා සිටින දක්ෂතම සහ සුදුසුම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවට මේ වන විට ලබා ඇති ප්‍රගතියෙන් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ඉදිරියට ද රටට අවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර ලක්ෂ 24ක් සඳහා අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ කටයුතු අවසන් කර ඒ පිළිබඳව පසුවිපරම් සමීක්ෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තව කියවන්​න

වසර 4 කට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් ඊයේ රාත්‍රීයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියා. තායිලන්තයේ සිට පැමිණි මෙම යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සදහන්. මෙම ගුවන්යානයෙන් පැමිණි සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය වෙත පැමිණි සිටි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.

තව කියවන්​න

වයස අවුරුදු 14 ත් 16 ත් අතර ගැහැණු ළමුන් වයස අවුරුදු 22 ට අඩු අයෙකු සමඟ ලිංගිකව හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දඬුවම් පහසු කිරීමේ විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ඒ අනුව එම සංශෝධනය ඇතුලත් දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ. මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ සමාජයේ දැඩි විරෝධයක් මතුව තිබුණා.

තව කියවන්​න

අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර ඇති බව එම සමාගමේ සභාපති,  මුදිත පීරිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කරයි. ඒ අනුව කිලෝග්‍රෑම් 2.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 23කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 772 කි. කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,652කි.

තව කියවන්​න

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයක් හෙට දිනයේ පැවත්වීමට කටයුතු සුදානම්  කර ඇති බව ලංකා  ගුරු සංගමයේ  ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා  පවසනවා . ආර්ථික අර්බුධයෙන් පීඩාවට පත්ව සිටින  ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ටද අනිකුත් රාජ්‍ය නිලධාරීන්ට  මෙන්ම වැටුප්  වැඩි  කලයුතු බවටයි ඒ  මහතා කොළඹ පැවති  මාධ්‍ය  හමුවකදී අවධාරණය කර සිටියේ .

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් ඊයේ පැවැත් වුණා. එහිදී පළමුවෙන් පැවති තරඟයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07න් පරජයට පත් කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 162ක් රැස් කළා. පන්දු යැවීමේදී මෝහිට් ශර්මා ලකුණු 25ට කඩුළු 03ක් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් මිලර් පන්දු 27දී නොදැවී ලකුණු 44ක් සහ සායි සුදර්ෂන් පන්දු 36දී ලකුණු 45ක්…

තව කියවන්​න

පාර්ලිමේන්තුව අද දින සහ හෙට දින රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පවසනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙනවා . මේ අනුව අද දින පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30 සිට ප.ව. 4.30 දක්වා, වැඩ කටයුතු සිදු කිරීමට නියමිතයි . එමෙන්ම එහි දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇති බව සදහන් . මේ අතර හෙට දින පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමත් එකතු කළ අගය මත බදු පනත යටතේ අතිවිශේෂ…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි. දෙවැනි දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 531ක් රැස් කළා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩාම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 476ක් පිටුපසින් පසුවනවා.

තව කියවන්​න

තුර්කියේ ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂ එරට ප්‍රාදේශීය මැතිවරණයේ මූලික වටයේ ඡන්ද ප්‍රතිඵල අනුව බලය තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් ගණන් කළ ඡන්ද අනුව සියයට 50.05ක ඡන්ද ප්‍රතිශතයක් ඔවුන් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එහිදී පාලක පක්ෂය වන ඒ.කේ පක්ෂයට ගණන් කළ ඡන්ද අනුව සියයට 41.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බව සඳහන්. තුර්කියේ ප්‍රාදේශීය මැතිවරණය ඊයේ දිනයේදී පැවති අතර, ඡන්ද ගණන් කිරීම ආරම්භයේදී ඡන්ද පෙට්ටි සියයට 49ක් විවෘත කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

තව කියවන්​න

බස්නාහිර, දකුණ, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල අද ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ප.ව. 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . මේ අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 75ක පමණ තරමක තද වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා…

තව කියවන්​න