Author: Kesara Athipola

වසර 04ක සිර දඬුවමක් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනය අද අලුත්කඩේ මහාධිකරණය හමුවේදී කැඳවීමට නියමිතව තිබෙනවා. ඉස්ලාම් දහමට අපහස වන අයුරින් කළ ප්‍රකාශයකට වරදකරු වීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පසුගිය 28 වැනිදා බරපතල වැඩ සහිතව වසර 04ක සිරදඬුවමක් නියම කිරීමටයි කොළඹ මහාධිකරණය කටයුතු කළේ. ඒ අනුව ඇප ලබා ගැනීම සඳහා ඥානසාර හිමියන් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි තරඟයෙන් කඩුළු 06ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 125ක් රැස් කළා.එහිදී නායක හර්දික් පාන්ඩ්‍යා ලකුණු 34ක් සහ තිලක් වර්මා ලකුණු 32ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී යුස්වේන්ද්‍ර චහල් සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුළු 03 බැගින් බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 03ක් අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 127ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. මෙහිදි රියන් පරාග් නොදැවී ලකුණු…

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි. තෙවැනි දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට පන්දුවාර 25ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 102ක් රැස් කරගෙන සිටියා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 531ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 178 රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් පසුවනවා.

තව කියවන්​න

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබෙනවා. ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමගයි අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ. කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තවදුරටත් බන්ධනාගාරගතව සිටිනවා.

තව කියවන්​න

පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 09.30 සිට පස්වරු 04 දක්වා බැංකු සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ  නියමයක් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි. අනතුරුව පස්වරු 04 සිට පස්වරු 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

අඛණ්ඩ වර්ජනයේ නිරත වීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගය පැය 24කින් තාවකාලිකව කල් දමන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත් අද දිනයේදී දිවයිනේ ප්‍රධාන රෝහල් 10ක පැය 4ක කාලයක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

තව කියවන්​න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගම්මට්ටමින් පක්ෂය ප්‍රති සංවිධානය කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා  පවසනවා. ඒ අනුව ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් බවයි ඔහු සඳහන් කළේ.

තව කියවන්​න

සියලු වාද බේද අමතර කර කණ්ඩායමක් ලෙස රට පක්ෂයෙන් බලාපොරොත්තු වෙන වගකීම් ඉටු කිරීමට සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට එරෙහිව ගත් අධිකරණ තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

තව කියවන්​න

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට පැමිණි නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇති බවට විවිධ පාර්ශව සඳහන් කරන බව එම කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඒ අනුව එලෙස නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කර ඇත්නම් ඊට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව සඳහන් කළා.

තව කියවන්​න

හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ. එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට නියෝග කළ බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ. එමෙන්ම පරීක්ෂණවලින් අනතුරුව මෙම ක්‍රියාවට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා…

තව කියවන්​න