Author: Kesara Athipola

ලෝකයේ වඩාත්ම වැඩියෙන් පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු තැන බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා. මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම හේතුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

තව කියවන්​න

“ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම” සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම අද දින (02) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම භාර දෙන ලදී. එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කලමණාකරණය කරනු ලබන ෆ්ලේමින් අරමුදලේ සහය ලබා ගෙන ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගෙන අවශ්‍යය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කලේය.

තව කියවන්​න

දිවයින පුරා පිහිටි සුපිරි වෙළදසැල් සදහා ඒවායේ වෙළද ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතින් මලු ලබානොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින් හට රුපියල් 500 ට වැඩි බිල්පත් සදහා රුපියල් 5 ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබද පාරිලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදි සුපිරි වෙළදසැල්වල ඉහළ කළමනාකාරිත්වයේ ද එකඟත්වය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ. එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළදසැල් ප්‍රධානින් මෙන්ම නිමි ඇඳුම් වෙළදසැල්වල ප්‍රධානින්ද කැඳවා තිබුණා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අතරතුර ඉන් ඉවත්ව දිවයිනට පැමිණීමට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් ක්‍රියා කට ඇති බවට තොරතුරු වාර්තා වනවා. ‘පවුලේ වෛද්‍ය හදිසි අවශ්‍යතාවයක්’ හේතුවෙන් ඉවත් වන බව දක්වමින් චන්දිමාල් තරගය අතරතුර ඉවත්ව තිබෙනවා.

තව කියවන්​න

2024 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා රාජ්‍ය නැකැත් කමිටුව විසින් සම්පාධිත නිවැරදි නැකත් සීට්ටුව පහත දැක්වේ.

තව කියවන්​න

මහනුවර, කුණ්ඩසාලේ පදිංචි ජාතික ජන බලවේගයේ තෙල්දෙණිය කාන්තා බල මණ්ඩලයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් ඝාතනය කර තිබෙනවා. පසුගිය 24 වැනිදා රාත්‍රීයේ ඇය කුණ්ඩසාලේ ප්‍රදේශයේ සිය අනියම් සැමියාගේ නිවසේ සිට ඇති අතර පසුව වැටී තුවාල වූ බව පවසමින් අදාළ පුද්ගලයා ඇයව මහනුවර ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. කෙසේවෙතත් රෝහලට ඇතුලත් කිරීමේදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇති බවටයි පොලිසිය සඳහන් කරන්නේ. ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ අනියම් සැමියා බව කියන ද්විත්ව පුරවැසිභාවයක් හිමි 50 හැවිරිදි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තුවාල සම්බන්ධයෙන් ඇතිවුණු සැකය හේතුවෙන් රෝහල විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ මොට ආයුධයකින් පහරදී ඇයව ඝාතනය කර ඇති බවයි. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවෙකු බවට පත්ව මරණ දණ්ඩනය නියමව පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වේ. මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ද ඉදිරිපත් කර තිබුණු බව සඳහන් වේ. විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය නියම වුණා.

තව කියවන්​න

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම මෙම වසරේ අප්‍රෙල් සහ මැයි මාස වල දී සිව් කොන් රග්බි තරගාවලියකට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, කසකස්තානය, කටාර් සහ ශ්‍රී ලංකාව සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන අප්‍රේල් 30 වැනි දා කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. කටාර් දේශය මෙම තරගාවලිය සඳහා සිය සහභාගීත්වය පළමුව තහවුරු කළ අතර, ආසියානු රග්බි සම්මේලනයේ සහය ද ඇතිව තරගාවලියට ඉන්දියාවේ සහ කසකස්තානයේ සහභාගීත්වය ද තහවුරු කර ගැනීමට සමත් වී තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව යන පළාත්වල අද පස්වරු 02 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු යන පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී රොයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න