Author: Kesara Athipola

අධි­වේගී බෝට්ටු­වක් හඹා ගිය කොලො­ම්බි­යාවේ හමුදා බෝට්ටු සහ යුද ගුවන් යානා එහි තුළ තිබී කොකේන් ටොන් 5ක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැරී­බි­යන් මුහු­දේදී මෙම වැටලීම සිදු කර ඇත. අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 113ක් වටිනා එම කොකේන් තොගය මේ වස­රේදි කොලො­ම්බියා හමු­දාව විසින් අත්අඩංගු­වට ගනු ලැබූ විශා­ල­තම කොකේන් ප්‍රමා­ණය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

තව කියවන්​න

හමාස් සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රා­ය­ල රජ­යට එරෙහිව සංවිධානය වූ විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ­ද­හස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල ආසන්නයට රැස් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙසට බල කරමින් මෙම දැවැන්ත විරෝ­ධ­තාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ.

තව කියවන්​න

අද දිනයේදීත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භ වුණා. ඒ අනුව අද දින බැංකු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් පරාටේ නීතිය සංශෝධනයට ලක්කිරීමේ කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අනුව අදාළ විවාදයේදී ව්‍යාපාරිකයින් විසින් පැහැරහරින ලද බදු එකතුකර ගැනීමට රජය මගින් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රට තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැතිඇමතිවරුන්ගේ හිතවත්කම් මත ව්‍යාපාරිකයින් බදු මුදල් ගෙවීමෙන් ආරක්ෂා කර ඇති බවයි ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී රජයට චෝදනා කර සිටියා.

තව කියවන්​න

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පසුගියදා පස්වරුවේ පැවැත්විණි.

තව කියවන්​න

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණි. ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ සිටින පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (HE. Zuhair M.H. Dar Zaid) මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් සහන සැලසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් අනුව ආරම්භ වූ ගාසාහි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත මේ වන විටත් පරිත්‍යාගශිලි බොහෝ පිරිසක් අරමුදල් බැර කර තිබේ.

තව කියවන්​න

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සමාලෝචනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන පාරිශ්‍රමික කමිටුවක් පත් කර තිබේ. රජයේ මුදල් කාරක සභාව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර සිදු වූ සියලු ලිපි ගණුදෙනු මත පදනම්ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටළුවට සාධාරණ විසඳුමක් සහිතව සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024-2026 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024-03-16 දිනැති ශ්‍රී ලංකා මහ බැංකුවේ ලිපියට විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට තුඩු දී ඇති වැටුප් වැඩි කිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා…

තව කියවන්​න

මෙම වසරේ මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින්  209,181 ක් පැමිණ ඇතැයි සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. පළමු මාස තුනේ සෑම මසක දීම පැමිණීම් 200,000 ට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. 2024 වර්ෂයේ මුල් මාස තුන තුළ පැමිණි සම්පුර්ණ සංඛ්‍යාව 635,784 ක් අතර එය පසුගිය වසරේ මුල් මාස තුනට සාපේක්ෂව කැපී පෙනෙන සංචාරක පැමිණීමක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත් හිටුවීමට තීරණය කර තිබෙනවා. දෙවනි ඉනිම අත්හිටුවන විට ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 157කට කඩුලු 07ක් දැවී බංග්ලාදේශයට වඩා ලකුණු 510ක් ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී මැදපෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් වාර්තා කළ අතර බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 04ක් බිඳ හෙළීමට සමත් වුණා.

තව කියවන්​න

පිළිගත හැකි විසදුමක් රජය විසින් ලබාදෙන්නේ නම් සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණ වීම හෙට දිනයේදී නවතා ගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත මහතා පවසනවා. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ ගැටලුව පිළිබදව සලකා බලා කඩිනමින් විසඳුමක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවටයි ඒ මහතා කියා සිටියේ. වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72 කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයින් පිරිසක් අවස්ථා කිහිපයකදී වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා. මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වීමෙන් රෝගීන් බොහෝ පීඩාවට ද පත් වුණා.

තව කියවන්​න