- පානදුර මුහුදේ දිය නෑමට ගිය තරුණයින් 13 දෙනෙකු සැඩ පහරට හසු වෙයි
- ඉන්දීය අගමැති නිල සංචාරයක් සදහා ඇමෙරිකාවට
- පෙබරවාරි මාසයට නියමිත අස් වැසුම දීමනා හෙට
- නීති විරෝධී මත් පැන් නිශ්පාදනය සිදු කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
- ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතයි
- දකුණු සුඩාන යුද හමුදා වෛද්‍ය කණ්ඩායම දිවයිනට
- ලංකාවේ ජාතික ආරක්ෂාවේ ප්රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට
- භූ තාක්ෂණය සුරක්ෂිත කිරීමේ වගකීම රජය භාර ගන්නවා – පරිසර ඇමති
Author: Kesara Athipola
කෑගල්ල , නුවරඑළිය , බදුල්ල සහ පොලොන්නරුව යන දිස්ත්‍රික්ක 04 හි අස්වැසුම ප්රතිලාභ යටතේ රු . 2500 දීමනාව ලැබීමට හිමිකම් ලැබූවන්ට ගැටලු කිහිපයක් නිසා මෙතෙක් අස්වැසුම ප්රතිලාභ නොලැබුණ ද , එම ප්‍රතිලාභීන් සියලු දෙනාට සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම ප්රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම දිස්ත්‍රික්කවල අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අඩු ලකුණු ප්‍රමාණයක් හිමි විශාල පිරිසක් ද ලේඛනවලට ඇතුළත් වීම නිසා එම දිස්ත්‍රික්කවලට හිමි කෝටාව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබූ බවයි. කෙසේ වෙතත් අප්‍රේල් මස මුල් සතිය තුළ මෙම ගැටලු සියල්ල නිවැරදි කර රු.…
නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී එතුමිය සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිණියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඒ හා සමගාමී ව එම කාලපරිච්ඡේදය තුළ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය…
ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම තහනම් කරමින් අද වාරණයක් නිකුත් කෙරුනා. කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (02) එම වාරණය නිකුත් කරනු ලැබුවා. ඒ අනුව පහත ගීත 7 ගායනය කිරීම වළක්වමින් එම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා. – අපි කවුරුද – අපි සැනසිල්ලේ – අළු යට ගිනි – රස්තා – හීනවලට පනක් තිබෙනවා – හොඳම දේ – සැනසෙන්නම් ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා…
2023 වසරේ දී අපිට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණයම අපිටම නිපදවා ගැනීමට හැකි වූ බවත් පසුගිය අවුරුද්ද පුරාම රටේ ජනතාව අනුභව කළේ අපේ ගොවි ජනතාව නිපදවන ලද සහල් බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (01) ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි. අප්‍රේල් මස 06 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී 57වන වරටත් පැවැත්වෙන 2024 අලුත් සහල් මංගල්‍යය සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් සහල් එකතු කිරීමේ වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහල් එක්රැස් කිරීම ලුනම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී ඊයේ සිදු කෙරිණි.
මෙවර ජාතික පැළ රෝපණ නැකතේ දී ඵල දරන කුමන හෝ පැළයක් සිටුවන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නැකතට පැළ රෝපණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුලු පාර්ලිමේන්තු නිලධාරි කණ්ඩායමට පලතුරු පැළ බෙදා දීමේ වැඩසටහනට එක් වෙමින්. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සිට්ටුව අනුව යමින් ජාතික පැළ සිටුවීමේ නැකත මෙවර අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදී තිබේ නැකතට පැළයක්- ජාතියට හුස්ම දෙන නැකත යන තේමාව යටතේ මෙවරත් දිවයින පුරා පැළ රෝපණය කිරීමේ වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මෙහිදි…
පින්නවල සහ කිතුල්ගල සංචාරක කොරිඩෝව තව දුරටත් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන පරිදී සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් පින්නවල එළිෆන්ට් බේ හෝටලයේදී තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම වැඩසටහනේ පළමු වර්ෂය සඳහා මෙවර අයවැය ලේඛනයෙන් වෙන් කර ඇති මුදල මිලියන 750 කි. කෑගලු දිස්ත්‍රික්කය ජෛව විවිධත්වයෙන් සහ ඓතිහාසික වශයෙන් සංචාරක ආකර්ෂණයක් සහිත වන අතර භූවිෂමතාව සහ වෙනත් සුවිශේෂී සංස්කෘතික වටිනාකම් රාශියකින් යුතු දිස්ත්‍රික්කයකි. නාගරික සංවර්ධන අධිකාරිය හරහා සැලසුම් ගතවන මෙම සංවර්ධන වැඩපිළිවෙළට අදහස් හා යෝජන ලබාදීමට රාජ්‍ය ආයතන කීපයක් එක්විය.
බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් නියෝගයක් ලබා දී තිබෙනවා. අභියාචනයක් ඉදිරිපත් කරමින් ඥාණසාර හිමියන් ඇපමත මුදාහරිණ ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරුන් මෙම ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
අද පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කෙසේවෙතත් කථා කිරීමට නියමිතව සිටි පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව සවස 4 දක්වා කල්තබා ඇති බව අප පාර්ලිමේන්තු වාර්ථාකරු කියා සිටියා. අද සවස පනත් කෙටුම්පත් කිහිපයක් සඳහා ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතයි.
මෙම පාපැදි නිල වශයෙන් භාර දීම ඊයේ (01)අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ්හි දී සිදු විය. එම අවස්ථාවට මෙරට ජපන් තානාපති මිෂුකොෂි හයිදේකි (MIZUKOSHI Hadeaki) මහතා, ජපන් ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ නියෝජිත යුකෝ ඉෂාණ්ඩා (YUKO ISHANDA) හා ලංකා ‘චයිල්ඩ්ෆන්ඩ්’ ආයතනයේ ජාතික අධ්යක්ෂ ආදිති ගෝෂ් (ADITI GOSH) මහත්මිය යන අය සහභාගි වූහ. මේ වන විටත් මෙරටට ලැබී ඇති මෙම පාපැදි තොගය ලබා දීම සඳහා මොණරාගල, පුත්තලම, මුලතිව් වැනි ප්‍රවාහන දුෂ්කරතා සහිත දිස්ත්‍රික්ක 12ක පාසල් 108කින් වයස අවුරුදු 12-16ත් අතර සුදුසු සිසු සිසුවියන් තෝරාගනු ලැබ ඇත. නිවසේ සිට පාසලට අවම වශයෙන් කිලෝමීටර් දෙකහමාරක දුරක් පැමිණිය යුතු වීම මෙම පාපැදි ලබා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222