Author: Kesara Athipola

සර්වජන බලය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක සහ මතුගම ආසන සංවිධායක ලෙස මව්බිම ජනතා පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා විසින් ප්‍රදානය කළා. රට අරාජිකවිමට ප්‍රධානතම හේතුව විශ්වාසය බිඳී යාම බවයි කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

150 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා. ලෝක තැපැල් දිනයට සමගාමිව ජාතික මුද්දර ප්‍රදර්ශනය ද ආරම්භ කෙරුණා. ඊට සමගාමිව සංවිධාන කෙරුණ ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මූලස්ථානයේදී ආරම්භ කෙරුණේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්. තැපැල්පති එස් ඩබ්ලිව් එම් ආර් ඩී සත්කුමාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ප්‍රදර්ශනය ලබන 12 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

ලබන නොවැම්බර් 14 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ප්‍රධාන දේශපාලන පක්ෂ නාම යෝජනාවලට අත්සන් කිරීමේ කටයුතු අවසන් අදිරයේ ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරනවා. ඒ අනුව පොදු ජන පෙරමුණේ නාම යෝජනා සකස් කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියා. එමෙන්ම හිටපු අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහ ලේකම් ධූරය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්ත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණින් තරග වැදීමටයි. අනෙක් දිස්ත්‍රික්කවලට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කිරීමට එහිදී තීරණය වී තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

තව කියවන්​න

නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානි කරගත් 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයයෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කළා. එමෙන්ම අදාළ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. පෙරේදා පස්වරුවේ ප්‍රවේශ පත්‍රයක්ද රැගෙන පාසල් නිල ඇදුමෙන් නෙළුම් කුලුණ වෙත පැමිණ තිබූ ඇය කෙටි කාලයක් තුළ අවස්ථා කිහිපයකදීම සියදිවි නසාගැනීමට උත්සහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තව කියවන්​න

නාමයෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකුම එදිනට සිය වත්කම් සහ බැරකම් භාර දීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීම සඳහා නාමයෝජනා භාර දෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල සියලුම අපේක්ෂකයින් විසින් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ පවතින වගන්ති අනුව ඡන්ද විමසීම දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීමහාර නිලධාරී වෙත නාමයෝජනා පත්‍ර සමඟ භාර දිය යුතු බවයි. එමෙන්ම 99 (අ) ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂකයන් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ කොමිෂන් සභාවට…

තව කියවන්​න

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 285ක වේගයෙන් හමා යන අතර මේ වනවිට පුද්ගලයින් ලක්ෂ 05ක් පමණ ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා. එමෙන්ම ගුවන් ගමන්වලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් හෙයින්, ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ. එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් තිදෙනා අතරට ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ද ඇතුලත්ව තිබෙනවා. ඔවුන් සමග සිටින අනෙක් ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්. පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී ලංකා සහ එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි වලදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස ෂක්‍ක්‍ සැප්තැම්බර් මස ක්‍රීඩකයා සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. කමිදු මෙන්ඩිස් සැප්තැම්බර් මාසය තුළ ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451ක් ලබා ගනිමින් 90.20ක සාමාන්‍යයක් ලබාගත්තා. ප්‍රභාත් ජයසූරිය එම මාසය තුළ එංගලන්ත හා නවසීලන්ත ටෙස්ට් තරගාවලි වලට ක්‍රීඩා කරමින් කඩුලු 21 දවාගෙන තිබෙනවා.

තව කියවන්​න

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව එක් මංතීරුවක් වසා දැමීමට තීරණය කොට තිබෙනවා. නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන අතර එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන බව සඳහන්. අදාල නඩත්තු කටයුතු මේ මාසය පුරාම සිදු කිරීමට නියමිත බවද සඳහන් වනවා. මේ හේතුවෙනුයි කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බව පැවසෙන්නේ. මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාවේ දී වසා තැබෙන මංතීරු දිශාව සහ දිනයන් පිළිබඳව වාර්තාවක් දැක්වෙනවා. එළබෙන 11,13,15,17,18,20,22,24,26 සහ 28 වනදා මෙසේ මාර්ගයේ එක් මන්තිරුවක් වස තැබෙනු ඇති.

තව කියවන්​න