Author: Kesara Athipola
ගතවූ සතියේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 8%කින් අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව 15.5%කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 9%කින්ද, යුරෝවලට සාපේක්ෂව 10.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 8.5%කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි.
ශ්‍රි ලංකාව තුළ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ. ඒ බව පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළා.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අත්තිඩිය නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. තවද ශ්‍රී ලංකාවේ දැනට පවතින විදේශ රැකියා ඉල්ලුමට රුකුලක් වෙමින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා නව මාවතක් විවර කරදීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා එංගලන්තයේ Timeless Group ආයතනයේ අනුබද්ධිත ආයතනයක් වන Next Gen Development & Placement (Pvt) Ltd ආයතනය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව පාඨමාලා ආරම්භයද මෙයට සමගාමීව සිදු විය. ඒ අනුව, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ Security හා Skill Workers රැකියා සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතා සංවර්ධනය කරගනිමින් එංගලන්තය හා මැදපෙරදිග රටවල් තුළ රැකියාවන් ලබාගැනීමට අවශ්‍ය වෘත්තීය සුදුසුකම මෙහිදී ලබා දෙනු ලැබේ. මේ…
එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අවශ්‍යතාවය පරිදි හිඟයකින් තොරව වෙළෙඳපොලට ප්‍රමාණවත් තරම් ළූණු තොග සැපයේද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ. ළූණුවල මිල ගණන් අඩු කිරීම සඳහාත් ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සහ පසුගිය දිනවල පැවති ළූණු හිඟය හා අධික ලෙස ඉහළ ගිය මිල පාලනය සඳහා ආදේශකයක් ලෙස තාවකාලිවක ආනයන සිදුකරන රෝස ළූණුවල වෙළෙඳපොළ තත්ත්වය විමසීම යන කරුණු කිහිපයක් මුල්කොට ගෙන මෙම සාකච්ඡාව පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති ජයන්ති විජේතුංග ඇතුළු නිලධාරීන් හා ළූණු ආනයනකරුවන් ඇතුළු පිරිසක් සහභාගී විය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222