Author: Kesara Athipola

පාදුක්ක අංගමුව ප්‍රදේශයේදී පොලිසිය සමග වෙඩි හුවමාරුවකදී මියගිය පුද්ගලයා මොරගහහේන ප්‍රදේශයේදී සිදු වු ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු බවට අනාවරණය වී තිබෙනවා. ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ සේවය කරන සෙබලෙකු වන මොහු 33 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්. පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුරදි අංගමුව පොලිස් මාර්ග බාධකය අසලදී සැකකරු ගමන් කළ යතුරු පැදිය නවත්වන ලෙස දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අණ නොතකා යතුරු පැදිය ධාවනය කළ සැකකරු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඉන් අනතුරුවයි. පසුව පොලිසියේද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමග සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. සිදු කරන ලද විමර්ශනවලදී…

තව කියවන්​න

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ බවත්, ඒ පිළිබඳ තමන් කණගාටු වන්නේ එතුමාගේ පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කර දුන්නේ තමන් වීම නිසා බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි.

තව කියවන්​න

ලන්ඩන්, හීත්‍රෝ ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් ගැටී සුළු හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ගැටී තිබුණේ, වර්ජින් ඇට්ලාන්ටික් ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානයක් සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ. 350 වර්ගයේ යානයක්.

තව කියවන්​න

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව සඳහා දෛනික සාමාන්‍ය ගමන්වාරවලට අමතරව ගමන් වාර 700ක් මෙලෙස ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එමෙන්ම ගම්බිම්බලා ගොස් නැවත පැමිණෙන ජනතාව සඳහා අප්‍රේල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක බව එම කොමිෂන් සභාව සඳහන් කරනවා.

තව කියවන්​න

ඉතාලියේ එට්නා ගිනිකන්ද විදාරණය වීමට පටන් ගෙන ඇති අතර ගිනි කන්ද විදාරණය වීමත් සමඟ එහි වළලු ආකාරයේ දුම් වළාවන් ගුවනට මුදාහැරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් ගුවන් ගමන් සඳහා කිසිදු බාධාවක් මේ වන තෙක් ඇති වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

තව කියවන්​න

ඉන්දියාව විසින් ලූනු මෙට්‍රික් ටොන් දහස් ගණනක් ශ්‍රී ලංකාවට සැපයීමට සැලසුම් කර ැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙයට හේතුව ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ මෝදි ආණ්ඩුවේ ‘අසල්වැසියන්ට මුල්තැන’ විදෙස් ප්‍රතිපත්තියයි. ඒ යටතේ ඉන්දියාව මාලදිවයිනට අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ප්‍රමාණයක් සැපයීමට තීරණය කර තිබූ අතර ඉන් පසු මෙම තීරණය ගෙන ඇත.

තව කියවන්​න

පසුගිය වසර දහය තුළදී පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම 40,000 කින් පමණ පහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ පාසල් හැරයෑමද ඉහළ ගොස් ඇති බවද සඳහන්. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසන්නේ දරු උපත් ප්‍රමාණය අඩු වීම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි.

තව කියවන්​න

උද්ගතවී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) දින කැඳවා තිබේ. කෙසේවෙතත් එහි මුලසුන, එම පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් දැරීමට නියමිත බව‍යි වාර්තා වන්නේ.

තව කියවන්​න

රට තුළ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉන්ධන පරිභෝජනය සියයට 50කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දෛනික පෙට්‍රල් පරිභෝජනය බැරල් 28000 ක් පමණ වන බව සඳහන්.

තව කියවන්​න

හෙට (08) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය” යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. නිවේදනය පහතින්,

තව කියවන්​න