Author: Kesara Athipola

2022/2023 වසරේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් ආර්ථික අපහසුතා ඇති සිසු දරුවන් 6000ක් සඳහා උසස් පෙළ හැදෑරීමට ශිෂ්‍යත්ව ලබා දීමට අදාළ කටයුතු මේ වන විට අවසන් අදියරේ පසුවන බවත්, ඒ අනුව 2024 මැයි මස සිට මාර්තු, අප්‍රේල් මාසවල හිඟ වාරික ද සහිතව එම ගෙවීම් සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ජනාධිපති අරමුදල දැනුම් දෙයි. ඒ අනුව 2024 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි මසකට රුපියල් 6000 බැගින් වාරික 24ක් සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරේ. තෝරාගන්නා ලද සිසුන්ගේ නාමලේඛන පළාත් වශයෙන් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවියේ (www.presidentsfund.gov.lk) පල කිරීමට කටයුතු කරනු ලබන අතර…

තව කියවන්​න

නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවත් ඒ සඳහා මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඇතුළත් කර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මිහින්තලේ,විලච්චිය, නාච්චිදූව ඇතුළු ප්‍රදේශ රැසක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. ඒ අනුව දැනට අස්වැසුම ලබා ගන්නා සහ ඊට අයදුම් කර ඇති පිරිස ද, මීට පෙර සමෘද්ධි ප්‍රතිලාභ ලබා අස්වැසුම අහිමි වූ පිරිස ද, වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනා ලබන පිරිස ද ඊට ඇතුළත් ය. මීට අමතරව මේ සියලු සහනාධාර වැඩසටහන්වලින් මඟ හැරී ගිය පිරිසක් වේ නම්…

තව කියවන්​න

හරිත නගරයක් බවට මහනුවර පත් කිරීම සඳහා ලෝක බැංකුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානයට සමගාමීව ඉදිරි තෙවර්ෂය තුළදී හරිත නගර සංකල්පය කරා යොමු වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මහනුවර නගරයේ ඉදි කෙරමින් පවතින බහුවිධි මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබදව නිරීක්ෂණය සහ එහි ප්‍රගතිය සමාලෝචනය සම්බන්ධයෙන් පසුගියදා මහනුවර ගුඩ්ෂෙඩ් පර්යන්තයේදී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය. රුපියල් කෝටි 3,000ක වියදමින් ඉදිවන නව මාධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ නොවුණත් අතිරේකව පුළුල් විය යුතු මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා, එම මාර්ග…

තව කියවන්​න

විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබේ. විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහල යාමකි. අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 10,263.8 ක මුදලක් මෙරටට එවා තිබේ. ඩොලර් බිලියන 10.26 ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය…

තව කියවන්​න

මුස්ලිම් ප්‍රජාව ඇතුළු ඕනෑම පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ආගමානුකූලව හෝ අවසන් කැමති පත්‍රයට අනුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම සඳහා නව කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ නීති සම්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පසුගියදා (07) පැවති ඉෆ්තාර් උත්සවයට එක්වෙමිනි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ තේවලට ජාත්‍යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා මෙරට ප්‍රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුවිය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති තිරසර වැවිලි ක්ෂේත්‍රය සඳහා රාජ්‍ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව වැඩසටහන නමින්  මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, ජාත්‍යන්තර වෙළෙඳපල ඉලක්ක කර ගනිමින් පිළිගත් ප්‍රමිතිකරණයකින් යුක්තව තේ නිෂ්පාදනය කිරීමත් මෙම අන්තර් සහයෝගිතා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ මුලික අරමුණු වේ.

තව කියවන්​න

‘39 වන ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ පසුගිය 03 වනදා සිට 06 වන දා දක්වා දියවන්නා ජලාශයේ පැවැති අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි අනු ශූරතාවය, කාන්තා අනු ශූරතාවය සහ පිරිමි අතර මැදි (Intermediate) ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව, දිවයිනේ ප්‍රකට ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේදී, විවෘත පිරිමි M 4- තරඟයේ රන් පදක්කම් නායක නැවි ඩබ්ජීඑස්එල් ගුණරත්න, නායක නැවි එන්ජීඒඑන් ගුණවර්ධන, බලනැවි එච්ඒඑස්ජී හතුරුසිංහ සහ බල පාබල ඊඑස්වීජේඑන් ප්‍රේමකුමාර විසින් දිනාගත් අතර, M2x තරඟයේ රිදී පදක්කම් බලනැවි එස්එම්එච්එස් සමරකෝන් සහ බල පාබල පීජීඩීඑස් ගුණතිලක විසින් දිනා ගැනීමට සමත් විය. එමෙන්ම, M2- තරඟයේ රිදී පදක්කම්…

තව කියවන්​න

කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ද්විත්ව ගුවන් පාලම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (08) ජනතා අයිතියට පත් කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් 5,278,081,272.43කි. රජයේ කාර්යාල, රෝහල්, ආගමික ස්ථාන, ආපනශාලා, චිත්‍රපට ශාලා ඇතුළු විවිධ ආයතනයන්ගෙන් සමන්විත ඉතා කාර්යබහුල වාණිජ නගරයක් වන කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය හේතුවෙන් දෛනිකව පැය 3කට ආසන්න කාලයක් අපතේ යන බවට නිරීක්ෂණය වී තිබේ. එම ප්‍රමාදය මඟහරවා ගැනීම ඉලක්ක කර මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන මෙම ව්‍යාපෘතියේ…

තව කියවන්​න