Author: Kesara Athipola

අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම මෙම ණය ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක්‌ රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

තව කියවන්​න

වියපත් කලාකරුවන් මුහුණ දෙන අපහසුතාවලට පිළියම් යොදන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ ටවර් හෝල් රඟහල පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්‍රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා අලුතින් ඉල්ලුම් කර ඇති කලාකරුවන් ඇතුළත් කර ගැනීමත්, ඔවුන්ට අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීමත් නිමිත්තෙන් (2024.04.08) අරලිය ගහ මන්දිරයේ පැවැති උත්සවයට එක් වෙමිණි. මාසිකව රු.7,500/- ක විශ්‍රාමික ජීවනාධාරයක් තෝරාගත් වියපත් කලාකරුවන් 102ට ලබාදීම සිදුකෙරුණි. එම දීමනාව රු.10,000/- දක්වා වැඩිකිරීමට ටවර් හෝල් රඟහල පදනමේ සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට ටවර් හෝල්…

තව කියවන්​න

ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute (GGGI) හි සභාපති, බෑන් කී මූන් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර දකුණු කොරියාවේ සෝල් (Seoul) හිදී විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාව සමඟ ඇති සමීප සහයෝගීතාවය අගය කළ බෑන් කී මූන් මහතා ශ්‍රී ලංකාව සහ ගෝලීය හරිත වර්ධන ආයතනය ( GGGI ) අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතා ශක්තිමත් කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව සහ විවිධ අංශ හරහා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීමට සහතික විය. “පුනර්ජනනීය බලශක්තිය, තිරසාර ප්‍රවාහනය සහ අපේ නගර හරිතකරණය කිරීම සඳහා මැදිහත්වීම් තුළින් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා ශ්‍රී ලංකා රජය සංක්‍රමණය වීමේ ක්‍රියාවලියක යෙදී සිටින…

තව කියවන්​න

“සැමට ඉංග්‍රීසි” වැඩසටහනෙන් ඉංග්‍රීසි ගුරුවරු 2,500ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441ක් වුවත්, ඒ සඳහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතින බවත්, බොහෝ පාසල්වල දැනට සේවයේ නියුතු සංඛ්‍යාවට අතිරේකව අවශ්‍ය කටයුතු සැලසුම් කරගනිමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විම් පුළුල් කර ඇති බවත් පාසල් 765ක් සම්බන්ධයෙන් සිදු කරන ලද ඇගයීමකදී හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම් සිදු කරනු ලබන පාසල් 765ක ප්‍රමාණය 2024 වර්ෂය තුළදී පාසල් 1000ක් දක්වා වැඩි කරමින් ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් උගන්වනු ලබන අනුමත ගුරු සංඛ්‍යාව 6500 ක් දක්වා වැඩි කිරීමෙ අරමුණින්…

තව කියවන්​න

අලුත් අවුරුදු කාල සීමාවේ දී රෝහල් ගතවීම්, හදිසි අනතුරු, හා අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව වැඩිවන හෙයින් ආරක්ෂාව පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ උත්සව සමයේ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී අනතුරු සිදුවීම සහ බරපතල වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී එළි දැක්වූ අවස්ථාවේදීය.

තව කියවන්​න

බංග්ලා­දේ­ශයේ අග­මැ­ති­නිය ශෙයික් හසීනා ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු එරට සංචා­රය කිරී­මට නිය­මිත බව බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැති හසන් මහ­මූද් ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ මේ මස 19 වැනිදා ආරම්භ වී ලබන ජුනි මස 1 වැනි­දා­යින් නිමා­වට පත් වන ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු මේ සංචා­රය සිදු කිරී­මට නිය­මිත බවයි.

තව කියවන්​න