Author: Kesara Athipola

අලුත් අවුරුදු සමයත් සමග කථාබහට ලක්වන දේශීය එරබදු ශාකය කෘමියෙකු හේතුවෙන් මෙරටින් තුරන්වීමේ අවදානමකට කල්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව එරිත්‍රයිනා ගෝල්වෝස් නම් කෘමියෙකුගේ බලපෑම හේතුවෙන් මෙලෙස දේශීය එරබදු ශාකය මෙරටින් වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇති බව ජාතික උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය සිරිල් විජේසුන්දර සඳහන් කරනවා.

තව කියවන්​න

උත්සව සමයේ පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳ ගැටලු ඇත්නම් විමසීම් සඳහා දුරකථන අංක ගණනාවක් රජය විසින් හඳුන්වා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දේ. ඒ අනුව සියළු පොදු ප්‍රවාහන සේවාවන් නියෝජනය වන පරිදි මෙම දුරකථන අංක හඳුන්වා දීමට රජය කටයුතු කර තිබේ. එම දුරකථන අංක ඇතුලත් නිවේදනය පහතින්.

තව කියවන්​න

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙකු මිය ගොස්, තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජල අභ්‍යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.

තව කියවන්​න

වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 686,321 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවත් ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඒ අනුව ඉන්දියාවෙන් පැමිණි සංචාරකයන් ප්‍රමාණය 106,004ක් බවද සඳහන්.

තව කියවන්​න

2023 වසරේ කටුනායක ගුවන්තොටුපලින් මිලියන 1.5 කට ආසන්න විදේශිය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ එම සංඛ්‍යාව තවදුරටත් වැඩි වන බවට සංචාරක කේෂත්‍රයේ නිරතවන්නන් පුරෝකථනය කර ඇත. එම සංචාරකයින් ගුවන්තොටුපලවලට අමතරව වරායන් හරහා ද ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව ඇත. එම හේතුවෙන් , විදේශිකයින් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්වයන් නීරීක්ෂණය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ කොලඹ වරායට ලබා දීමට ජපන් රජය කටයුතු කර ඇත. මෙම ප්‍රදානය යටතේ ලබා දෙන පලමු උපකරණ තොගය 2024.04.10 වන…

තව කියවන්​න

හෝමාගම ප්‍රදේශයේ සුළු හා මහාවාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මේ යටතේ 2024 වර්ෂය තුල ක්‍රියාත්මක කෙරෙන සහ යෝජිත වාරි මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු විය. මේ වසර තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ මෙහිදී නිලධාරීන් විසින් පැහැදිලි කරන ලද අතර යෝජිත ව්‍යාපෘති අතරින් ප්‍රමඛතාව ලබා දිය යුතු ව්‍යාපෘති හඳුනා ගැනීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු විය.

තව කියවන්​න

දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්‍යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්‍රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ ඉදිකරන ලද පස්මහල් මෙම වාට්ටු සංකීර්ණයේ දෙවන අදියර ලෙස ඉදිකරන ලද තෙවන, සිව්වන හා පස්වන මහල් ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 567 කි. මෙම වාට්ටු සංකීර්ණය විකලාංග ශල්‍ය ‌වෛද්‍ය වාට්ටු හා දැඩි සත්කාර ඒකකයකින් සමන්විත වේ. දැඩි සත්කාර ඒකකය ඇදන් 11 කින්…

තව කියවන්​න

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය. පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය. අද පස්වරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගනු ලැබූ අතර අවුරුදු කුමරි තරඟයේ ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය. ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ…

තව කියවන්​න

නැගෙනහිර සහ ඌවපළාත්වලත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 වඩා වැඩි තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (11) දහවල් 12:11 ට…

තව කියවන්​න