Author: Kesara Athipola

පසුගිය දිනවල එළවළු මිල ගණන් ව්ල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුනා. කෙසේ වෙතත් ඊට සාපේක්ෂව අද (12) දිනයේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද එළවළු මිල පහත ආකාරයට දැක්වුණා. කැරට් 1kg – රුපියල් 450 ලූනු කොළ 1kg – රුපියල් 500 ලීක්ස් 1kg – 350 බෝංචි 1kg – රුපියල් 430 තක්කාලි 1kg – 300ක් වම්බටු 1kg – රුපියල් 400

තව කියවන්​න

සිංහල – හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව හරහා ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා කරයි. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කර ඇති බවයි.

තව කියවන්​න

පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබේ. බීමත් රියැදුරෙක් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියෙකුට රුපියල් 5000ක් ලබා දීමට කටයුතු කරන බව, රථ වාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද දිනයේ බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා රුධිර පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ පනස් දහසක් සියලුම පොලිස් ස්ථාන වෙත ලබා දී තිබේ. මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 1,500 දෙනෙකු යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා.

තව කියවන්​න

භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Khagen Murmu විසින් සිය මැතිවරණ ප්‍රචාරය අතරතුර කාන්තාවකගේ කම්මුල් සිප ගැනීමක් සිදු කරන වීඩියෝවක් සම්බන්ධයෙන් කථාබහක් නිර්මාණය වී තිබෙනවා. සමාජ මාධ්‍ය කලඹමින් සංසරණය වන මෙම වීඩියෝව ගැන එරට කාන්තාවන් සහ තවත් පිරිස් බොහෝ විවේචන එල්ලකර තිබුණා නමුත් සිප ගැනීමට ලක්වූ කාන්තාව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ එය “ආදරණීය ක්‍රියාවක්” ලෙසටයි.

තව කියවන්​න